(සුජිත් හේවාජූලිගේ)
එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත ද මෙරටට ගෙන්වීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
විවිධ එන්නත් ගැන රජයේ අවධානය යොමු වී ඇති බවත් එන්නත් ලියාපදිංචි කිරීමට නම් ඒ ඒ නිෂ්පාදන ආයතන විසින් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරනු ලැබිය යුතු බවත් ඇය සඳහන් කළාය.
ලියාපදිංචිය සඳහා විස්තර එවන්නැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමෙරිකාවේ හයිෆර් ආයතනයට දැනටමත් දැනුම් දී ඇතැයි ද ඇමැතිවරය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉන්දියාවෙන් ගෙනැල්ලා උඩදාගෙන ගහපු එකේදෙවැනි එක දෙන්නේ ජොන්සන්ගේ අරිෂ්ටෙන්ද? මිනිස්සුන්ට මොනවායින් මොනවා වෙලා කෙළවර වෙයිද දන්නේ නැහැ.