(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තවත් ලක්ෂ හතළිහක් ලබන මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ අනුව ඉදිරි කාලයේදී වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
ගුණසේන මහතා මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (18 )පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් පමණ දැනට ගෙන්වා ඇතැයි ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස් මුහුණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ...