( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මෙම ලාංකිකයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග ස්විස් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයිද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි මෙම ලාංකිකයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් වන අතර ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකුද වේ.
මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම
de silva Saturday, 28 March 2020 05:28 PM
කොරෝනා රෝගයෙන් මියගිය ප්‍රථම ශ්‍රී ලංකිකය මිය ගියේ අද දින ලංකාවේදී , ස්විස්ටර්ලන්තේදී මිය ගිය මොහු ලංකාවේදී උපත ලැබුවත් ඔහු ස්විස් ජාතිකයෙකි . මොන ජාතිකයෙක් වුනත් ඔහුත් මනුෂ්‍යයෙක් , දෙදෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු .
lalithm Saturday, 28 March 2020 06:20 PM
එහෙ ස්ථිර පදින්චිකරුවෙක්නම් අපි මොකටද ඒ ගැන වදවෙන්නේ...? මෙහෙ හොඳ නැති හින්ද එහෙ ගියානම් එහෙ කෙනෙක් නොවේද?
sudda Sunday, 29 March 2020 02:06 AM
ඔහු වසර ගණනක් ස්විට්සර්ලන්තයේම ජීවත්වී එහි පුරවැසියකුවී ලංකාවේ පුරවැසිකම අතහැරියානම් ඔහු ලාංකිකයකු හැටියට දත්ත සටහ කිරීම වැරදියි. ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ස්විස් ජාතිකයකු හැටියටයි යන්නේ. නමුත් ඔහු තවමත් ශ්‍රී ලංකාවේ පුරවැසිකම අතහැරලා නැත්නම් ඔහු වැඩියෙන්ම ජීවත්වන රටේ මරණයක් ලෙස ගනින්න ඕනා. එංගලන්තයේ විසු තැනැත්තාත් ගැන එසේම බැලිය (දත්ත සටහන් කිරීමේදී). ලංකාව තුල සිදුවූ මරණ ගණන තාම එකයි.