(රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධානය වන සහ කොරෝනා ආසාධිතයින් හමු වු නිවෙස්වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඇතුලු කසළ පොදු කසළ කඳු වලට මුදා නොහැර ගෙවත්තෙම පුලුස්සන්නයැයි බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පවසයි.
කොරෝනා ආසාධිතයන් හමු වුන නිවෙස් වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඔස්සේ වයිරසය ව්‍යාප්ත විය හැකි බැවින් කසළ කළමණාකරණ සේවකයින් යම් අවදානමකට ලක්විය හැකි බව පෙන්වාදෙන ඒ මහතා නිරෝධාන නිවෙස් වලින් ඉවතලන කසළ බැහැරලීමට විධිමත් පියවර ගතයුතු බව පැවසීය.
නිරෝධාන වන සහ කොරෝනා රෝගීන් හමු වු නිවෙස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහමහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඔස්සේ හඳුනාගෙන ඔවුනගේ කසල නිවෙස් පරිශ්‍රයේදිම පුලුස්සා දමන්නට පියවර ගතයුතු බව ඔහු පැවසීය.
කසළ පිළිස්සීමට හෝ වල දැමීමට ඉඩකඩ නැති නිරෝධානයට යොමු වුන නිවැසියන්ගෙන් බැහැරලන කසල නිරෝධාන දින 14 නිමවී පැය 72 ක් සීල් කළ බෑගයක ආරක්ෂිතව රඳවා තබා බැහරලීමට පියවර ගන්නා ලෙස පැවසීය.
මේ වනවිට මෙම උපදෙස් නිරෝධායනය වන්නන් සහ ආසාදිතයන් සිටින ස්ථාන කරා දන්වා යවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එවැනි නිවෙස්වලින් බැහැරලන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ප්‍රතිචක්ක්‍රිකරණ මධ්‍යස්ථාන වලට භාර දීම කෙසේවත් සිදු නොකරන ලෙසද ඔහු පැවසීය
බස්නාහිර පළාත තුල සක්ක්‍රිය කුණු කඳු 25ක් තිබෙන අතර කොළඹ,ගම්පහ,කඵතර යන දිස්ත්‍රික්කයන්හී පළාත් පලන ආයතන 49 කින් එම කූණුකඳු වලට කසළ මුදා හැරෙති.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා ආසාදිතයන්ගේ ඉවතලන ද්‍රව්‍ය පුළුස්සන්න