(රොමේෂ් මධුෂංඛ )
යාපනය රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
මෙම රෝගියා අරියාලෙයි ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවෙකු වීම නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සොයමින් සිටීම හේතුවෙන් වයිරසය පිළිබඳව අවබෝධයක් නොතීමත් නිසා යාපනය කයිට්ස් ප්‍රදේශයට ගොස් තැනින් තැන සැඟව සිට අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් පසුව රෝහලගතවීය.
මේ හේතුව නිසාවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් නාවික හමුදා රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ඨික හදීසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වූ ඒකකය විසින් කයට්ස් ප්‍රදේශය අවරණය වන පරිදි විජබීජහරණ වැඩසටහනක් ක්‍රියාතමක කොට ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ආසාදිතයෙක් නිසා ගමක් විෂබීජහරණය කරයි
Prabha Wednesday, 08 April 2020 10:35 AM
දෙමළ සන්ධානේ මහත්තුරු මොකද සද්ද නැත්තේ?