
(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි.
කළුබෝවිල රෝහලට ඇතුලත්ව සිටි මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 29 වැනිදා මියගොස් තිබේ. මියයෑමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිත බව අනාවරණය විය. දේහය භූමදානයට නොදෙන්නේ නම් එය භාර නොගන්නා බව පවසමින් මියගිය පුද්ලයාගේ ඥාතීන් දේහය හඳුනාගැනීම හෝ නොකළබව කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්ඩී.පී.ඒ.ටී. කොටුගොඩ මහතා පවසයි.
පොලිසිය විසින් මේ සම්බන්දව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර අධිකරණයේ නියෝගය වී ඇත්තේ දේහය ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු ආදාහනය කළ යුතු බවයි. නමුත් ඥාතීන් විසින් දේහය හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් දේහය මෘතශරීරාගාරයෙන් ඉවත්කිරීමට නොහැකි වී ඇත.
ඒ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක කොටුගොඩ මහතා මෙසේ කීවේය.
“දේහය හඳුනාගෙන සාක්ෂි ලබාගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මියගිය තැනැත්තාගේ බිරිඳ හා සහෝදරයෙක් දේහය හඳුනාගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඔවුන් සාක්ෂි ලබාදුන්නෙත් නැහැ. මේ මළ සිරුර තවමත් කළුබෝවිල රෝහලේ තිබෙනවා.”
රජය විසින් නිකුත් කරන ලද කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ 2020-04-11 දිනැති අංක 2170/8 දරණ ගැසට් නිවේදනය අනුව කොරෝනා ආසාදිත සියලු මෘත ශරීර මරණය සිදුවී පැය 24 ක් ගතවීමට පෙර ආදාහනය කළ යුතුය.
මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට නොදෙන්නේ නම් ඥාතීන් විසින් භාර නොගැනීමේ තත්ත්වය සළකා බැලූ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි උපදෙස් දී තිබුණේ එලෙස ඥාතීන් භාර නොගන්නා සිරුරු සියල්ල රජයේ වියදමින් ආදාහනය කළ යුතු බවයි. ඒ සඳහා රජයේ ප්‍රතිපාදන ඒ සඳහා වෙන්කරන ආකාරය දැක්වෙන චක්‍රලේඛද නිකුත් කර තිබිණි.
මෘත දේහ ආදාහනය කිරීමට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් සියල්ලද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරුණි.
එසේ වුවද මිලිද්දුව පදිංචි පුද්ගලයාගේ දේහය අද වනවිට මාසයකට ආසන්න කාලයක් පුරා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ යූ.සී.පී. පෙරේරා මහතා ඇතුළු ගාල්ලේ අධිකරණ වෛද්‍යවරුන් පසුගියදා පවසා සිටියේ කොරෝනා ආසාදනය වූ සිරුරු, චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් පරිදි හැකි ඉක්මණින් ආදාහනය කළ යුතු බවයි. එම සිරුරු මෘත ශරීරාගාරවල තබා ගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබා ගැනීමකට හා සමාන බව ද ඔවුහු පවසති.
ඔවුන් පවසන්නේ ගාල්ලේ දෙද්දුගොඩදී පසුගියදා මියගිය කොරෝනා ආසාදිත බව තහවුරු කරනු ලැබූ මුස්ලිම් ජාතිකයකුගේ සිරුර ආදාහනය කිරීමට ගෙන යාමට පෙර කිහිප වරකදී ගන්නාලද සාම්පලවලින් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් එම මළ සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ පැවැති බව තහවුරු වූ බවයි.
එම පුද්ගලයා මියගොස් දිනකට පසු ප්‍රථම සාම්ලය ද දින තුනකට පසු දෙවන සාම්පලය ද ලබාගෙන තිබූ අතර තෙවන සාම්පලය ගෙන තිබුණේ මියගොස් දින 05 ක් ගතවූ පසුවය. මෙම සාම්පල තුනම ධනාත්මක ප්‍රථිපල පෙන්වූ බව වෛද්‍යවරු කියති. එනම් මෙම මළ සිරුරෙන් 05 වැනි දිනයේ ලබාගත් සාම්පලය ද ධනාත්මක වී තිබිණි
ඒ අනුව වෛද්‍යවරුන් පවසා සිටියේ මළ සිරුරක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වයිරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වූ බවයි. කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම ප්‍රායෝගික නොවන බව මේ අනුව පැහැදිලි වන බවත්, වෛද්‍යවරු කියති.
මියගිය මෙම පුද්ගලයා රෝහලට ඇතුළත්වීමේ දී කොළඹ පදිංචි බවට ව්‍යාජ ලිපිනයක් ලබා දී තිබීමත් ඥාතීන් එම දේහය හඳුනාගෙන නොතිබීමත් හේතුවෙන් මරණය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ද ප්‍රමාද වී තිබිණි.
කෙසේ වෙතත් මේ වනවිට රජය විසින් එම මරණය කොරෝනා හේතුවෙන් සිදුවූමරණයක් බව දකුණු පළාත් සෞඛය දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. එසේ වුව ද තවමත් මරණයේ අවසන් කටයුතු සිදුනොකිරීම නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන මියගිය අයගේ ලේඛනයට මෙම මරණය පිළිබඳ තොරතුරු මෙතෙක් ඇතුළත් කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක මහා අවාසනාවන්ත තත්වයක්... කෙසේවෙතත් පාර්ලිමෙන්තුවෙ පනතක් සම්මත කළ යුතුයි. යම් කෙනෙක් මිය ගියා නම් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා පුවත්පත් දැන්වීමක් පළකොට දැන් 3ක් ඇතුළත් කිසිවෙක් ඉදිරිපත් නොවෙ නම් රජයෙන් අවසන් කටයුතු සිදුකිරීමට කී දෙනෙක් දවල්ට එනවා, යනවාද?
සාමාන්‍යයෙන් මුස්ලිම් මල සිරුරක් පැය 24කට ප්‍රථම භූමදානය කිරීම ඔවුන්ගේ පොදු සම්ප්‍රදායයි. නමුත් සුපුරුදු ලෙසම කොරෝනාව, නිධානයක් කර ගැනීමට මාන බලන හිංගල තක්කඩි පාලකයින් මේ මලකඳන් තුලිනුත් ඔවුන්ගේ තුප්පහි දේශපාලනය කිරීම හා ගානක් පොකට් එකට දා ගැනීමට සැරසීම තමයි මේ සිදු කරන්නේ... ලොව කිසිදු රටක කොරෝනා මරණයක් ඔවුන්ගේ ඥාතීන් අතට පත්කිරීම සිදු කරන්නේ නැහැ. එය සම්පුර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොරෝනා නිරෝධායන නීතියට අනුව සිදුකරන ක්‍රියාවලියක්. රටේ නීතියට කිසිවෙකුට අභියෝග කල නොහැකියි. (නීතියක් නොමැති අමනයින්ගේ දේශයට මෙය අදාළ නොවුනත්) මේ පුවත කියවන කිසිසු පාඨකයෙක් මෙවන් නින්දිත පුවතක් ලෝකයේ වෙනත් කිසිදු රටකින් අසා තිබේද? ඇත්තම කියනවා නම් මේ තුප්පහි ජාතිය මේ ලොවින් වඳ විය යුතුම ජාතියක්....
මැරෙන්න හොඳයි. පුච්චන්න හොඳ නැහැ.
මොකක්ද මේ රටේ පවතින නීතිය...? එක එක ජාතියට වෙනස් නීතිද? බලේට ආවේ එක නීතියක් කියලා නේද? මොන කරුමයක්ද මේ රටට වෙලා තියෙන්නේ. ඔය කුණු ගොඩවල් පුච්චලා දාන්න. මේ ජාතිය කොතැනටද යන්නේ? ඒ හැම තැනම ප්‍රශ්න ඇති කරනවා. යන්න සෞදි අරාබියට... නැතිනම් මුස්ලිම් මිනිසුන් වැඩිය ඉන්න රටවලට යන්න.. අපිට පාඩුවේ ඉන්න දීලා.
දවස් 14 පහුවෙලා නම් ඉතින් මිනිය වුණත් නිරෝධායනය වෙලා ඇති නේද?
අපට ලොකු තට්ටු බිල්ඩිමක් විශාල වියදමක් දරා ඉතා නිවැරදි අයුරින් නිපදවා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා නිසි සුදුසුකම් හා පළපුරුද්ද සහිත දක්ෂ ඉංජිනේරු වරයෙකුගෙ උපදෙස් සහිතව අප එය ඉදිකර ගන්නවා. ඒ දෙය මේසන් බාස් කෙනෙකුට හෝ පාරේ යන මිනිසෙකු ලවා කරගත්තොත් තත්ත්වය කෙබඳු වේද? වෛද්‍ය විද්‍යා පැත්තෙන්ද එසේමමයි. මේ නොදත් දේශපාලකයන් හා සෞඛ්‍ය යන්තම් දත් ඔවුන්ගේ පුරෝහිත හා ගැත්තන්ද යොදාගෙන මේ වැඩේ කරන්න යාමයි අද පවතින ඉතා අවාසනාවන්ත ප්‍රශ්නය වෙලා තියෙන්නේ.. නිතර නිතර නව ප්‍රභේද ඇතිවෙන මේ දරුණු වෛරසය භූගත ජලයට මූසුවීම වලකාලීමට වෛද්‍යවරුන් මෘතදේහ ආදාහනය කිරීමට අනුමත කරනවා. මේ වසංගතයේ සැබෑ තතු අවබෝධ කරගත නොහැකි අනුවණයින් මළමිනී වල එල්ලී දඟලනූ පෙනේ. වාසි බලාගෙන සමහර දේශපාලන කුහකයන් ඊට ආවඩනු පෙනේ. කොන්ද පණනැති රජය නිරෝධායන නීතිය අනුව ක්‍රියා නොකොට ඔවුන් හුරතල් කරනු පෙනේ. කොරෝනා මාරයාට මිනිස් ජීවිත බිල්ලට ගැනීමට අවස්ථාව සැලසී ඇත...
සර්ට අහුවුණොත්, ඔතනට ඇවිල්ලා බැහැනේ... එක රටක්... එක නීතියක්... රෑට ඇහැරලා දෙවියන් යදිනවා ඇති. උඩ පෙට්ටියේ පියන දෙන්න එපා. ඔලුව වදියි.
ඇමෙරිකාව ඇතුලු කොරෝනා රෝගීන් වැඩි, මරණ වැඩි වෙන්නේ... ශ්‍රී ලංකාවෙ ගොන් පාලකයිනි, මුලු රටම මල ගෙයක් කරන්නේ නැතිව කොරෝනා මරණ ආදාහනය කරන්න මුස්ලිම් අයට බයේ එන්නේ නැතිව....
පුටින්ගේ පිටකොන්දේ අමාරුවක් නැත්නම් ... නැගිටලා වැඩ කරන්න තිබ්බා...
කොහොමත් කියලා නැහැ.... මැරුණට පස්සේ කොවිඩ් වයිරසය මළ මිනියෙන් බෝවෙනවා කියලා. ලංකාවෙ ජාතිවාදයෙන් දේශපාලන වාසියට විතරයි.
මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා.. ඒ තමයි සජීවි මිනිසෙකුයි මළ ගිය මිනිසෙකුගෙයි සිරුර අපට කිසිසේත් සන්සන්දනය කරන්න බෑ කියන එක.. මොකද ජීවී මිිනිස් සිරුරකට කොරෝනා වෛරසය ඇතුළු වු විට එම සිරුර තුලින්ම එයට ප්‍රතිවිරෝධි ප්‍රතිදේහ නිපදවෙන්නට පටන් ගන්නවා. ඒක තමයි කියන්නෙ දින 14-21 ගිය පසු ශරීරය තුල වෛරසයෙහි පි.සි.ආර් ප්‍රතිඵල පොසිටිව් වුණත් ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය බෝවීමේ ප්‍රතිශතය අවමයි. නැතහොත නෑමයි කියලා. හැබැයි කොරෝනා නිසා මිය ගිය සිරුරක මේ ක්‍රියාදාමය වෙනස්.. ඒ කියන්නෙ සෛලවලින් ප්‍රාණය ගිලිහුනු කල ජීවි ක්‍රියාවලිය තව දුරටත් සෛල තුලින් සිදු නොවන සන්දර්භයක් තුල ඇති වන ක්‍රියාවලිය අපට නිශ්චය කිරීමට නොහැකියි. ඒකයි අර දවස් ගනනක් ශීත කරනවල බහාලා තිබු සිරුරු තුලත් ආදාහනයට ගන්නා මොහොත තුලත් ලබාගත් සාම්පල තුල කොරෝනා වෛරසය සක්‍රීයව තිබු බව පර්යේෂකයින් පෙන්වා දුන්නෙ...? මොනව වුණත් නිවැරදි පර්යේක්ෂණ කරන තුරා කලින් කල විකෘති වන මේ වෛරස් බොහෝම ප්‍රශ්නකාරි තත්ත්වයන්...
කල්මුණේ අෂ්රොෆ් රෝහලෙත් මෘත ශරීරයක් තියෙනවා දැන් මාසයක් විතර...
දැන් නම් පුතෝ ප්‍රශ්නය උග්‍රම උග්‍රයි, බලයට ආවෙ එක රටක් එක නීතියක් කියල මුමුණමින්. දැන් පේන විදියට නවතින්න වෙන්නෙ බහු රටක් බහු නීතියක් කියාගෙන වගෙයි. යහපාලනය නිම වෙන විට නීතිය කුමක් වුවත් එක රටක් කියල දෙයක් නම් ඉතුරුවෙලා තිබුණා.
'කොන්ද පණ නැති පරගැති ආණ්ඩුව පිස්සු කරනවා...' අපේ සර්වත් නැද්ද?