(සුජිත් හේවාජුලිගේ )
සංචර නීති ලිහිල් කිරීමත් සමග ජනතාව මූලික සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා රට කොළ කලාපයෙන් රතු කලාපයට යළි පැමිණීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
රටට සංචාරකයන් පැමිණීම ඉහළ යන අවස්ථාව මෙවැනි තත්වයක් ඇති වුවහොත් විශාල විදේශ විනිමයක් අහිමි වනු ඇතැයි පැවසූ හෙතෙම සංචරණ නීති ඕනාවටත් වඩා ලිහිල් කිරීම සුබවාදී තත්ත්වයක් නොවන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් එක්ක රටක පරිපාලනය කරන්න බෑ. දැන් ලෝකෙම විවෘත වෙලා තියෙන්නේ. සෞඛ්‍ය නීති පිළිනොපදින අය සහ එන්නත ලබා නොගත් අයට නීති රීති ක්‍රියාත්මක වියයුතුයි. මාසෙ අන්තිමට අතපුරා පඩි ගන්න මහත්වරු තමන්ගේ විෂය විතරයි කතා කරන්නේ... මේ සමාජය තුළ තව විෂයයන් රාශියක් තියෙනවා...
රජයේ යුතුකම වන්නේ 60 ට වැඩි අයට දිය යුතු සයිනොෆාම් එන්නත් දෙක ගත් අයට තුන්වන ෆයිසර් මාත්‍රාව දීමයි. කොතරම් ප්‍රවේසම් වුවද ලෝක නායකයන්ට පවා මෙයින් බේරෙන්න බැරිවුනානේ. 60 ට වැඩි පිරිසෙන් දැනට මරණයට පත්වූ පිරිස රටකට කෙතරම් පරිණත බුද්ධියක් ඇතිව අත්දැකීම් සහිත මිනිස් සම්පතක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
බොරු කොරෝනාවක් අල්ලගෙන බටහිර බෙහෙත් විකුණනවා. රට කොහොමත් සෝමාලියාවක් වෙලා ඉවරයි... ඔය බොරුව දැන්වත් නවත්තලා මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. මිනිස්සු දැන් මැරෙන්න හාට් ඇටෑක් වලින් සහ බඩගින්නේ... ලෝකයේ කිසිම රටක මෙහෙම බඩු මිල වැඩිවෙලා නෑ...
ඔන්න වෛද්‍ය සංගමේ තවත් බමුණු උපදෙසක්. මිනිස්සුන්ට කියලා ජීවිතයක් තියෙන්න ඕනේ, හම්බකරගන්න ඕනේ, විනෝද වෙන්න ඕනේ. මිනිස්සු ඕනවටත් වැඩිය කැපවීම් කරලා තියෙන්නේ දැන් වෙන එක රටකවත් නොවුණු විදියට. ඔබ තුමන්ලා කියන විදියට අපි සිල්වත්තු වගේ ගෙවල් වල ඉන්න ඕනේ ද?
කොරෝනා බෝකළ චීනය මුළු ලොවටම වන්දි ගෙවිය යුතුයි.