IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුණෑගල හෙල්ලූ වල්අලියා අල්ලයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කරමින් දින ගණනාවක් කුරුණෑගල ප්‍රදේශය බියට පත් කළ වන අලියා අද (27) සවස වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදී අල්ලාගත් බව වනජීවී නිලධාරීහු පවසති.

කුරුණෑගල, කීනගස්පිටිය, දෙමටළුව, හංහමුණුව, වල්පොල, වාරියපොල හරහා කිලෝමීටර් 30 ක පමණ දුරක් ගෙවාගෙන අද උදෑසන වනවිට පාදෙණිය ප්‍රදේශයට පැමිණි වල් අලියාගේ අඩි සළකුණු ඔස්සේ පැමිණි වනජීවී නිලධාරීහු පාදෙණිය මුවන්වැල්ල ප්‍රදේශයේ වැවක සිටියදී වන අලියා සොයා ගැනීමට සමත් වූහ.

මේ වනවිට පාදෙණිය රජමහා විහාරස්ථානය පිටුපස පිහිටි වැවේ  අලියා බැද තබා ඇත. වන අලියා අවුරුදු 20 -25 පමණ වයසේ පසුවන බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය වරු කියති. හෙට දිනයේදී වන අලියා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මුදාහැරීමට නියමිතව ඇත.



අදහස් (2)

කුරුණෑගල හෙල්ලූ වල්අලියා අල්ලයි

සල්ලි Friday, 28 July 2023 07:05 AM

රට විනාශ කල දේශපාලන අලියන් අල්ලන්නේ කවදාද?

:       0       10

Perera Friday, 28 July 2023 08:04 AM

ලංකාවම හොල්ලන වල් අලියට මුකුත් කරන්න කවුරුත් නැහැනේ

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1033 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site