
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයට හෙට (09) සිට ක්‍රියාත්මක හුදෙකලා කිරීම, කොරෝනා අවදානම වැඩියෙන් පවතින ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට පමණක් ක්‍රියාත්මක කර නගරයේ අනෙක් කොටස් සාමාන්‍ය කටයුතු සඳහා ජනතාවට විවෘත කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට අද (08) සවස රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර , කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ , වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන , කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක , කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා මහනාම මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අද කුරුණෑගලදී රැස්වූ කමිටුව මෙම තීරණය ගනු ලැබූහ.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජයෙන් තීරණයක් ලැබෙන තෙක් හෙට දිනයේ කුරුණෑගල නාගරික බළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර වසා දැමීමටද කමිටුව තීරණය කළහ.
මේවනවිට කුරුණෑගල නාගරික බළ ප්‍රදේශයේ කොරෝනා අවදානම පවතින්නේ ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමේ පමණක් බැවින් සම්පූර්ණයෙන්ම කුරුණෑගල නගරය වසා දැමීමෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත්විය හැකි බවත් මෙහිදී තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සමහරුන්ගේ මයිල් ගහකටවත් අත තියන්න" කොරෝනාවට තියා දෙවියන් වහන්සේටවත් ඉඩ දෙන්නේ නැති ජාතියේ කට්ටිය ඔය පළාතේ තමයි ඉන්නේ. ඒකයි හුදෙකලා කිරීම ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරනවා ඇත්තේ.
මෙතන එක රෝමකූපයක්වත් හොල්ලන්න බැරි කෙනා ඉන්නවා. ඒ නිසා රජය හෙට කුරුණෑගල නිදහස් කරාවි.
කුරුනෑගල විතරක් මොකද...? රට කාපු ආසනය හින්දද...? තවමත් මේ බයියන්ගේ ජරා ගති නැතිවෙලා නැති හැටි.
ඔන්න ඔහේ මුලු රටම ඇරලා දාන්න. හැදෙන කෙනෙකුට හැදිච්චාවේ... මැරෙන කෙනෙක් මැරිච්චාවේ.
දැන් මේගොල්ලො කොරෝනා ගැන විශේෂඥයොද?