(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් වලට ලක්ව අගතියට පත් කාන්තාවන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර ලබාදීම සඳහා " ලීගල් ඇක්ෂන් " නමැති නීති ආධාර ලබාදීමේ සංවිධානය ඉදිරිපත්ව සිටියි.
අද (31) කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි ලීගල් ඇක්ෂන් සංවිධානයේ අධ්යක්ෂ නීතිඥ චානක අබේවික්‍රම මහතා මේ බව සඳහන් කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි කාන්තාවන් හමුවී ඔවුන්ගේ තොරතුරු විමසූ නීතිඥ අබේවික්‍රම මහතා තමන්ටසිදුවී ඇති හානියක් සම්බන්ධයෙන් අධිකරණයට ගොස් නීතිමය පිළිසරණක් බලාපොරොත්තු වන කාන්තාවන් සඳහා තම සංවිධානය නොමිලේ නීති ආධාර ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ගෙන් තමන්ට යම් හානියක් සිදුව ඇතැයි සැක කරනවානම් පළමුව ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති පැමිණිලි ඒකකයට පැමිණිලි කර ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට යන අවස්ථාවේදී හෝ අධිකරණයට යන අවස්ථාවේදී තම සංවිධානයේ සහාය ලබාදෙන බවද නීතිඥ චානක අබේවික්‍රම මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ මහත්වරුන්ගේ මෙම තීරණය අප අවංකවම හදවතින්ම අගය කරන්නෙමු.
මේ නෝනලාව බලෙන්ද සැත්කමට අරන් තියෙන්නේ...? ඇයි මෙච්චර කල් බලධාරීන්ට නොදන්වා හිටියේ? 21න් පස්සෙද දැනගත්තේ එයාලට මෙවැනි දෙයක් කළා කියලා.
අවංකව උදව්කිරීමේ චේතනාවෙන් මේ වැඩේ කරනවානම් ඔබලා නියම මනුශ්යයින්ය. සසර කවදාක හෝ ඒ පින පලදෙනාවය .
අගතියට පත් එක එක්කෙනා මේ මිනිහගෙන් වන්දි විදියට කෝටිය බැගින් ඉල්ලන්න. ආණ්ඩුව වන්දි ගෙවන්න ගියොත් මහජනතාවටනේ එම බරත්
මීට වැඩිය අගතියට ඒ කාන්තාවන් මීට කලින් පත් වෙන්න ඇති. ළමයින් නැති හෝ තවම එක ළමයාද අසමින් මානසික අවපීඩනයට පත් කරන නෑදෑයන් හා ලාංකික සමාජය නිසා.
පව්. අපෙ අම්මලට බොහොම පින් ඉදිරිපත් විමට කල්පනා කලාට
ලොකු පිනක්... ඔබතුමන්ලාට මේ ගොඩක් අම්මලා ඉතා දුෂ්කර ජීවිත ගෙවන නිසා ඒ අයට මෙසේ පිහිටවීම පින් වැඩක්.. ඒ වගේම මෙම සිද්ධි ඇත්ත නම් මෙම පාපී දොස්තරගෙන් හැම අම්මටම වන්දි ගත යුතුයි.
ඕක එජාපයෙන් නඩුව පරද්දන්න කරන දෙයක් වෙන්න පුළුවන්. නොමිලේ ඇවිල්ලා... රටේ වෙන දේවල්වල හැටියට කියන්නේ...
සුමූ... ඔබ දන්නේ නැහැනේ කව්ද ඩිස්ලයික් දාන්නේ කියලා...? සිංහල මිනිසුන් විනාශ කරන්න මාන බලමින් ඉන්න.... හැමෝම දන්න නිසා මට අවශ්‍ය නැහැ සඳහන් කරන්න.
නීතිඥවරු පින්දහම් කරන එක ගැන මේ අැහුවාමයි. අනේ සාදු සාදු...!!!