( පුෂ්පකුමාර ජයරත්න )
දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි.
විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේදී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදුව නැති බවද පොලීසිය සඳහන් කළේය.
පොලිස් පරීක්ෂණ වලට අනුව බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ ජනතා විමුක්ති පෙරමුණ සහ FSP මැතිවරණ හා ආර්ථික විද්‍යාව සඳහා වැඩ ආරම්භ කළා.
බුදු දහම විනාශ කරන්න කුමන්ත්‍රණයක් වෙනවාද කියලා අහන්න ලැබෙන දේවල් අනුව සිතෙනවා වැදි බණ දෙසපු එකා පිස්සෙක් වෙනවා එහෙම එවුන් රාශියක් ඉන්නවා පන්සල් වලට පැනල මරණවා වෙඩි තියනවා. මොනවාද මේ වෙන්නෙ .එක් අතකින් රටේ වැදගත් පූජනීය ස්ථාන වලට රජයෙන්ම කරදර වෙද්දී සාමාන්‍ය තැන්වලට අනෙකුත් පිරිස් කරදර කරන්න පුළුවන් .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදු දහම ආරක්ෂා කිරීමට රජය බැඳිලා ඉන්නවා කියලා අහලනම් තියෙනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් රකින්න පුලුවන් ආගමක් නැහැ. ආගමක් කියන්නේ ගොඩනැගිල්ලක් නොවේ. ඔය වගන්තිය දාලා බෞද්ධ අපි ගොනාට අන්දනවා. ආගම රකින්න පුලුවන් ඒක අදහන ජනතාවට විතරයි. ඒ ආගමේ ඉගැන්වීම් පිලිපැදීමෙන්. දැන් වැඩේ වෙලා තියෙන්නේ ආගම ආරක්ෂා කිරීම ආණ්වඩුට දීලා අපි.......