(පුෂ්පකුමාර ජයරත්න)
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන් අතරින් 85 දෙනකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.
කොරෝනා බවට සැකකරන රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර වාට්ටු 7 ක් මේවනවිට රෝහලේ පවත්වාගෙන යන අතර එම වාට්ටු සියල්ලට අමතරව වෙනත් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකවලට අයත් වාට්ටු ලින්ද කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මෙම රෝගීන් සඳහා හැකි උපරිම ආකාරයට ප්‍රතිකාර ලබා දෙමින් අවශ්‍ය පීසීආර් පරීක්ෂණ සිදු කරමින් තිබෙන බවද නමුත් රෝගීන් බහුල වීම බරපතළ ගැටළුවක් වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
දිනෙන් දින කොරෝනා ආසාදිතයින් බවට සැක කරමින් පුද්ගලයන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බවද මීට අමතරව පීසීආර් පරීක්ෂණ සඳහාද දිනපතා විශාල පිරිසක් රෝහල වෙත පැමිණෙන බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කුරුණෑගල රෝහලේ කොරෝනා වාට්ටු පිරෙයි
sharm warn Tuesday, 18 May 2021 10:28 AM
ඇඳවල් දහස් ගණන් හැදුවට වැඩක් තියෙනවද? සෞඛ්‍ය සේවයේ ඉන්න සේවක සංඛ්‍යාව වැඩි වෙන්නේ නැතිනම්... ඇඳකට දැම්ම පළියට ලෙඩෙක් සුව වෙනවද?