IMG-LOGO

කුරුණෑගල පාස් පෝට් කාර්යාලය අසලින් කාක්කෝ පහක් මාට්ටු

(පුෂ්පකුමාර ජයරත්න)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය ආශ්‍රිතව රැඳී සිටිමින් තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පස් දෙනකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් සියළුම දෙනා කුරුණෑගල නගර⁣ය අවට පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කුරුණෑගල කාර්යාලයට පැමිණෙන ජනතාවට ලබාදෙන ටෝකන්පත් මෙම පුද්ගලයන් විසින් ලබාගෙන එක් ටෝකන්පතක් රුපියල් තුන්දහසේ සිට පන්දහස අතර මිළ ගණන්වලට  විකුණමින් නීති විරෝධී ජාවාරමක නිරතව සිට ඇති බව පොලීසිය කියයි.

මේ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් පෝලිමේ සිටින ජනතාවට ටෝකන්පත් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව ප්‍රාදේශීය කාර්යාලයේ විවිධ සේවා ස්ථාන වෙත පෝලිමේ නොසිට යොමු කරන බව පවසමින්ද ජනතාවගෙන් මෙම තැරැව්කරුවන් පිරිස මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

මේ සඳහා එම කාර්යාලයේ  පිරිසකගේ සහායක් ලැබී ඇත්දැයි සොයා බලන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

 

 



අදහස් (1)

කුරුණෑගල පාස් පෝට් කාර්යාලය අසලින් කාක්කෝ පහක් මාට්ටු

ravin Tuesday, 06 June 2023 12:20 PM

මහ කාක්කා කුරුණෑගලට ගිය බව නම් දන්නවා. අනිකුත් කාක්කොත් කුරුණෑගල පැත්තටම ගිහිල්ලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 327 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 497 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site