IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කුරුණෑගල පිරමීඩ සිද්ධියට තුනක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ජනතා මුදල් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල "රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්" (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  නියෝග කළේය.

"R3F" පිරමීඩාකාර සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ  සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුසංක අත්තනායක, ඩී.පී රෝහිනි ,හා ඩබ්ලිව් එම් නිමල් ශාන්ත සැකකරුවන්ට මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර කුරුණෑගල, හෝරමාගම,කුලියාපිටිය මොරගොල්ලාගම, නාගොල්ලාගමඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක 5500කට අධික ජනතාව ගිණුම් තිස්එක්දාහක්හ රහා මෙම වංචාවට හසුව ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

ජනතාව තැන්පත් කරන මුදල් ජාත්‍යන්තර බයිනෑන්ස් සමාගම,ක්‍රිස්ටෝ කරන්සි සහ ජාත්‍යන්තර විද්‍යුත් වේදිකා හරහා විදේශයන්හි ආයෝජනය කර මාස 18ක් ඇතුළත හතර ගුණයක ප්‍රතිලාභ ඩොලර් වලින් ලබා දෙන බවට පවසමින් මෙම පිරමීඩාකාර මූල්‍ය වංචාව සිදුකර ඇති බව කරුණු ඉදිරිපත් කෙරිණ.

 



අදහස් (2)

කුරුණෑගල පිරමීඩ සිද්ධියට තුනක් රිමාන්ඩ්

Rohana Wednesday, 24 July 2024 03:34 PM

මෙවැනි මුදල් වංචාකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි.

:       0       1

නිරෝෂ් Wednesday, 24 July 2024 06:30 PM

ඔය කුරුණෑගල පැත්තේ සිදුවුණු රුපියල් මිලියන 30 කට අධික මුදල් වංචාවක් පිළිබඳව ලිඛිතව පොලිස්පතිතුමාට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූවා.. ලිඛිත සාක්ෂි එක්කම දැන්වූවා. පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ පිළිතුර වූයේ එය මුදල් සීමාව අ‍ප කටයුතු කරකන මුදල් සීමාවට අයත් නැහැ කියන එක ඒක කියලා ඇඟ බේරාගත්තා... ඒ නිලධාරින් හැබැයි එතන සම්පුර්ණ මුදල මිලියන 30ක් කියන එක ගණනකටවත් ගත්තේ නැහැ. එකෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරක් ලබා දුන්නත් ක්‍රියාත්මක විය හැකි තත්වය මට වැටහුණා.. පොලිස්පතිතුමාට යවපු ලිපිය අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට යැව්වාට පස්සේ මම ගෙන්නලා කටඋත්තරයක් ගත්තා. එකට තව සාක්ෂිත් අරන් ගියා. ඒ අයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා කියලා තියෙනවා.. අපි ඒකට වැඩ කරන්නේ නැහැ... පෙත්සම් ගහලා වැඩක් නැහැ කියලා... ඒ නිලධාරියාත් වෙලා තියෙන අපරාධය දිහා විමර්ෂණය කරේ නැහැ.. මං කටඋත්තරයක් දීලා ආවා... අපරාදේ මෙවැනි නිලදාරින් මහජන මුදලින් නඩත්තු කරලා පෙන්ෂන් එක දෙන එකත්... ඔවුන් තව හිටියත් රටේ ආරක්ෂාවටත් වෙන දේ හිතාගන්න පුළුවන්. මේ සත්‍ය අත්දැකිමක්... ටිකක් හරි පරීක්ෂණය යන්නේ මහ බැංකු නිලධාරින් විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site