IMG-LOGO

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි

(සුජිත් හේවාජුලිගේ)

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

කළුගල් කැණීමේ ව්‍යාපෘති  සඳහා නිකුත් කෙරුණු බලපත්‍ර 2019 වර්ෂයේදී  අහෝසි කර ඇත්තේ එම පුරාවිද්‍යා ස්මාරක වලට හානි සිදුවීමෙන් අනතුරුව බවද  වාර්තාවේ දැක්වේ.

මුල් ක්ෂේත්‍ර   පරීක්ෂාවේ දී පුරාවිද්‍යා සාධක අනාවරණය කර නොගෙන  කළු ගල් කැණීමේ  බලපත්‍ර  එසේ නිකුත් කර තිබිණැයි  කියති.

මේ අතර උතුරු පළාතේ  පුරාවිද්‍යා ස්ථාන ස්මාරක පුරාවිද්‍යා රක්ෂිත සංරක්ෂණය නඩත්තුව හා කළමනාකරණය කර එම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට දෙපාර්තමේන්තුව අසමත්ව ඇති  බව නිරීක්ෂණය වී යැයි  එම වාර්තාවේ දැක්වේ.

උතුරු පළාතේ බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි මූලික ගවේෂණ කටයුතු පමණක් කර ඇති බවත්  විස්තීරණ ගවේශණයක් මගින් අදාල ඉදිරි  පුරා විද්‍යාත්මක කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නො තිබූ බවත්  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය. එම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.



අදහස් (3)

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි

බයි සිතිවිලි Saturday, 19 April 2025 01:34 PM

කසිප්පු ජොනියා සංස්කෘතිය කෑවට බයියන්ට කමක් නෑ.

:       0       0

SIRI Saturday, 19 April 2025 02:25 PM

ඔය බලපත්‍ර දුන්නු කට්ටිය "පුරාවිද්යාව කන්නද" කියලා අහලා නැද්ද?

:       0       0

ගුණරත්න Sunday, 20 April 2025 02:42 PM

සීගිරියේත් බොරළු කපලා, තිසා වැවේ බැම්ම උඩින් බර වාහන දුවන්න පාර අරින්න හදනවා. මුන් අපේ රටේ උරුමයන් ගැන තැකීමක් නැහැ. මුන් ම්ලේච්ඡ කොමියුනිස්ට් මිනීමරුවෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site