(රෝෂන් තුෂාර)

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ වැසිකිලි පවිත්‍ර කිරීමේ ටෙන්ඩරය බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා කටයුතු සැලසීමට  රුපියල් ලක්ෂ 50 ක්  අල්ලසක්  ඉල්ලා රුපියල් ලක්ෂ 30  ක් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 05 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග  එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති,සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන  මන්ත්‍රී මොහොමඩ් අර්ශාදීන්  නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ෙ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු  අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.