
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේ දේ පැවසීය.
අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි.ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා.
හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් ඉන්නවා .ඒකයි මමත් ඔහුට සහයෝගය දක්වන්නේ අපේ පක්ෂයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නරක කලදසාව ආවම තමන් ගන්නෙම වැරදි තීන්දු කියලා තමන්ම දන්නේ නැහැ, නොවැම්බර් මාසෙන් පස්සේ තමන්ටම තේරෙයි තමන් ගත්ත වැරදි තීන්දුව
ඔව් ඔව් අපිට අතීතය හොඳට මතකයි.අපෙන් 99 බේරිලා ගිය එක ගැන අදටත් දුක් වෙනවා
අඩේ බලන් කෝ ඒකෙත් හැටි.හොරුන්ටම ගිය රටක් නේ
මහනායක උන්නාන්සේලා මැරිලද. මේ වගේ භික්සූ ඝාතකයෙක්ට එරෙහිව අධිකරණයට යන්න පණ නැද්ද....ඔය මහනායක කම් හොදයි ....
අරන්තලාවේ භික්ෂු ඝාතනය, නිරායුධ පොලිස් භටයින් 600ක් ඝාතනය වැනි ත්‍රස්තවාදී ක්‍රියාන්විත්වලට නායකත්වය දුන්, කව්රුත් හොඳින් දන්නා කරුණා අම්මාන් SLFP එකේ උප සභාපතිවෙලා, නියෝජ්‍ය ඇමතිකමකුත් දැරුවා. එතකොට මොකක්ද ජෙප්පන්ට ප්‍රජාතන්ත්‍ර වෙලා සාධාරණ සහ නීත්‍යනුකුලව රාජ්‍ය පාලනය කරන්න තියෙන බාදාව ???
එහෙනම් රනිල් තුනෙන් දෙකක් ගනීවි නේද ?
යහපත. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහය රනිල් වික්‍රමසිංහටත්.
මුගේ අතින් අපේ සිංහල කොල්ලො කී දෙනෙක් මරල ඇතිද. හරිම හරි ආණ්ඩුවක් ආපු දවසට මෙයාලාට නිසි දඩුවම් ලැබිය යුතුමයි.
දළඳා මාලිගාවට බෝම්බ ගහන්න සලස්වපු එකා.පොලිසියේ 600 ක් මරවපු එකා.කෝ මේ රටේ මිනිස්සු බුදිද ?
කරන්න දෙයක් නැ පව් මිනිහෙකුගේ නරක කාලේ උදා වුණාම නරක යාලුවෝ එකතු වෙනවා
මිනීමරු මස්වැද්දෙක්, මහින්දගේ කාලේ හොර පාස්පෝට් එකක් හදලා දීලා එන්ගලන්තයට ආවා...