
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන අත පෙවීම් තිබේදැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් විමසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පැවැති හමුවකදී ඇය එසේ විමසා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්හි ක්‍රියාකලාපය පිළිබඳව සහ විශේෂයෙන්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා දේශපාලන අත පෙවීම් සිදුවේද? නැද්ද ? යන්න පිළිබඳ තානාපතිවරිය අමාත්‍යවරයාගෙන් විමසා තිබේ.
මෙරට ඇතැම් ක්‍රීඩා සංගම් විවිධ විෂමාචාරී ක්‍රියාවල නිරත වී පසුව ජාත්‍යන්තර සංගම්වලට හේතු දැක්වීමේදී දේශපාලන අතපෙවීම් හේතු ලෙස දක්වන බවත්, එය ව්‍යාජ කාරණයක් බවත් අමාත්‍යවරයා එහිදී තානාපති තුමියට පැහැදිලි කර තිබේ.
එවැනි ගැටලු සහගත තත්ත්වයකදී ඒවා නිරාකරණය කිරීමට මෙන්ම, උපදෙස් ලබාදීමට ද ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඇති අයිතිය හා හැකියාව පිළිබඳව තානාපතිවරිය ඇගයීමට ලක්කළ බව ද ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය ටිරාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම එයාගේ සහ එයාගේ රටේ ඇඟිලි ගැසීම් නවත්තන්න කියන්න. එයා කවුද අපේ රටේ දේවල් ගැන කතාකරන්න. ලෝකයේ තියෙන එපාම කරපු තුච්ච වැඩ කරන රටක තානාපති වෙලා ඇවිදින් දැන් හරිම සුදනෝ වගේ කතාව... රටවල් නම් කීයක් නැති කළාද?
ගරු මැතිණියනි, ඔබතුමිය හොඳාකාරවම දන්නවා ඇති, ලංකාවේ හැම දේටම අනවශ්‍ය දේශපාලන බලපෑම් තිබෙනවා. අනෙක මේ පිළිබඳව ඇමැතිගෙන් විමසීම හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ ක්‍රියාවක්...
අපේ අනුර අයියාගෙන් ඔය ප්‍රශ්නේ අහන්න තිබුණේ...!