
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රීඩා සතියක් ප්‍රකාශයට පත් කළ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
එම ක්‍රීඩා සතිය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ එක්ව පාපැදි රැලියක් සංවිධාන කරන බව කී අමාත්‍යවරයා එම පාපැදි රැලිය කොළඹ 07, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් හෙට (26) පෙ.ව. 6.00 ට ආරම්භ වීමට නියමිත බව කීය.
මෙම පාපැදි සවාරියේ උපරිම දුර කි.මී. 100 ක් වන අතර, කි.මී.50, කි.මී.25 කි.මී.10, සහ කි.මී.05ක දුරක් වුවද ධාවනයට එක්විය හැකි බවද අමාත්‍යවරයා කීය.
ක්‍රීඩා සතිය හෙට(26) සිට ලබන 31 දක්වා පැවැත්වෙන අතර එමඟින් ක්‍රීඩාව ජනතාව අතරට ගෙනයාමටත්, මෙරට ජනතාව ක්‍රීඩා සංස්කෘතියකට යොමු කරවීමටත් බලාපොරොත්තු වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී හෙට පස්වරු 3 සිට ජිම්නාස්ටික්, වූෂු,ටයිකොන්ඩෝ,කරාතේ,පාපන්දු ප්‍රදර්ශනාත්මක තරඟ පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන සංකල්පයට අනුව ' දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට ක්‍රීඩා සතිය මූලික කරගන්නා බවයි. ඒ අනුව ක්‍රීඩා සතියෙහි තේමාව වන්නේ ' ජව සම්පන්න පුරවැසියෙක්, ජයග්‍රාහී ජනතාවක්' යන්න බවද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
309
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්‍රීඩා සතියක් - පා පැදි රැලියක්
ගුණරත්න Saturday, 26 July 2025 10:53 PM
ක්‍රීඩා සති කෙසේ වෙතත් ලංකාවේ ක්‍රීඩකයෙක් ජර්මනියේ තරඟයක දී පැනලා ගිහින් කියල අහන්න ලැබුණා.