(යොහාන් භාසුර)

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික ක්‍රීඩා සංගම් හතරක සාමාජිකත්වය වාහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය මෙසේ අත්හිටුවා ඇති අතර එම ක්‍රීඩා සංගම්වල නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කර තිබේ.