(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් ඔප් නැංවීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
පාසල් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින්ද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
බියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අවට තිබෙන භූමියේ එම විශ්ව විද්‍යාලය සෑදීම සඳහා අවධානය යොමුව තිබෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. ආසියාවේ ආශ්චර්යය කරනවා කියලා කියපු දේවලුත් අපිට අමතක නැහැ.
මම කැමතියි පාපන්දු, වොලිබෝල් සහ ක්‍රිකට් උගන්වන ක්‍රීඩා විශ්ව විද්‍යාලයකට... එයිනුත් මුල් දෙකට. ඒ දෙකේ තමයි බෝලෙ පාස් කරන හැටි හොඳින් පුහුණු කරවන්නේ. පලවෙනි බැච් එකට 225 දෙනයි රජයේ උසස් නිලධාරි ටිකයි යවන්න පුළුවන් නම් ප්‍රයෝජනවත්... ඒ මොකද දැනට ඒ වැඩේ හරියට කරගන්න බැරුව ඒ කට්ටිය අනාගන්න එකේ ඉවරයක් නැති හින්දා...
රගර් ගහන අයද අයිඩියා එක දුන්නේ? සත්තුන්ගේ නිජබිමේදී අපේ අයියලා හදන දේවල් තාවකාලිකයි. ඒකට සුද්දා හදපු දේවල් ඉතිහාස ගතවෙලා තියෙන්නේ. කෑලි හැලෙන්නෙත් නැහැ. අදටත් ශක්තිමත්... ඒකට අපේ අයියලා හදන දේවල් පැරදිලා යන්න කලින් පතුරු ගැලවිලා වැස්සට හේදෙනවා... ඇයි දන්නවද? බොරු සාස්තර කාරයින්ගෙන් නෙමේ නැකත් හදලා වැඩ ගත්තේ මොලේ පාවිච්චි කරලා අපිට වරදින්නේ එ්ක නැති නිසා...
තුන්වෙනි පාරට ජනාධිපතිකමට ඉල්ලුවෙත් අපේ රටේ අනාගතයේ දරුවන් ගැන හිතලනේ...