
(ඩයනා උදයංගනී)
ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු පොල්ලකින් කළ පහරදීමකින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ වම් අතේ අස්ථියක් බිඳී දින තුනක් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ද සිදුව ඇත.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එරංග රුක්‍ෂාන් මධුෂංඛ නැමති සිසුවෙකි.
එම පාසලේ ඉකුත් 16 වැනිදා පැවති බැති ගී වැඩසටහනකින් පසු එම වැඩසටහන පැවති ස්ථානයේ තිබූ පුටුත් රැගෙන පන්තිකාමර වෙත ගොස් ඉන්පසු වැසිකිලියට යමින් සිටි අතරතුර තමන් මෙම පහරකෑමට ලක්වූ බව එම සිසුවා පවසයි.
පාසලේ වෙනත් සිසුන් පිරිසක් මෙම ගුරුවරයාට හූ කියා දිවගොස් ඇති බවත්, එම සිසුන් පසුපස හඹා යමින් සිටි ගුරුවරයා තමාද සිසුවකු බව සිතා පහරදුන් බවත්, පහරකෑමෙන් පසු තමාට ක්ලාන්ත ගතියක් ඇතිවූ බවත් සිසුවා සඳහන් කරයි.
සිසුවාගේ පියා වන කේ.ඩබ්ලිව්.සුනිල් මහතා තම දරුවා පහරකෑමට ලක්ව ඇත්තේ එදින පෙරවරු 10.30ට පමණ බවත්, පාසලෙන් පස්වරු 1.30 පමණ වන තුරුත් දරුවා රෝහල්ගත කර නොමැති බවත්ය.
දරුවාගේ අතේ වේදනාවේ අඩුවක් නොමැති නිසා දරුවා රෝහල් ගත කිරීමට සිදුවූ බව ද ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් ඉකුත් 19 වැනිදා ගොඩකවෙල පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇතත් ඒ සම්බන්ධයෙන් දින 8ක් වනතුරුත් කිසිඳු පියවරක් නොගත් බව ඔහු පැවසීය.
මේ අතර ගොඩකවෙල පොලීසියෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියකු පැවසුවේ අදාළ ක්‍රීඩා උපදේශකවරයා නීතීඥවරයකු සමඟ ඊයේ (23) පැමිණ පොලීසියට භාර වූ බවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගොඩකවෙල රාහුල විදුහලේ විදුහල්පති ටී.ජී පරාක්‍රම මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් මෙන්ම පාසල මට්ටමින් ද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
පහර කෑ සිසුවා ඇතුළු පාසලේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන සිසුන් කණ්ඩායමක් ක්‍රීඩා උපදේශකවරයාට හූ කියා දිවයද්දී ඔහු එම සිසුන්ට පහර දී ඇති බවත්, ශරීරයේ පිටුපසට කළ පහරදීම මෙම සිසුවාගේ අතට වැදී ඇති බවත් විදුහල්පතිවරයා සඳහන් කළේය.
එක්සත් මානව හිමිකම් සංවිධානය මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියට ද පැමිණිල්ලක් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක්, එක නීතියක් කියන එක මේ රටේ නම් දොඩවන එක විහිළුවක්... ඒ බව රටේ ඉහළ තැන් අපට මනාව පෙන්වමින් ඉන්නවා. මේ රටට හරියන්නේ ඇත්තටම අරාබි ශරියා නීතිය.
ගුරුවරු අපිට ගහපු හැටියට ඒ කාලේ අපි පොලිසි ගියා නම් ගුරුවරු තාම හිරේ... අද මම හිරේ නොගිහින් ඉන්නේ මට ගුරුවරු ගහපු නිසයි...
පරිවාස දෙපාර්තමේන්තුවට හෝ ළමා රක්ෂණ අධිකාරියට කියන්න පාසලේ ඔවැනි දෙයක් වුණාම අදාල ගුරුවරයාට රුපියල් ලක්ෂ 10ක දඩයක් හා අවුරුදු දෙකක සිර දඬුවමක් දෙන්න හැකියාව තියෙනවා. දැන් කාලේ ඒවා කළොත් ඉතින් ආයේමත් මොනම පාසලකටවත් යන්න නම් බැරිවේවි...!
අනිවාර්යයෙන් මේ ගුරු හොරාගේ බිරිඳ ගෙදර ගිය වෙලේ ඉඳන් ගහ ගහ වැඩ ගන්නවා ඇති. ඉතින් ඒකට ඉස්කෝලේ ළමයින්ට ගහනවා... මේ අය කොහොමද ගුරුවරු වෙන්නේ?
විදුහල්පතිවරයා සම්පූර්ණයෙන්ම වැරැදියි... මේ ළමයා ඇතුළුව ක්‍රීඩා උපදේශකට හූ කීවා නම්... වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට රටේ ළමයින්ට වින කටිනා මෙවන් ගුරු/විදුහල්පතිවරයින් මුළු මහත් රටටම පිළිලයක්. ගුරුවරු මෙසේ බොරු කියත්නම් තවත් කුමන කතාද?