
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා නීත්‍යානුකූල ලෙස පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලය පමණක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බවත් වෙනත් ආකාරයට පත්කළ කමිටු පිළිනොගන්නා බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අන්තර්ජාතික රග්බි සංගමයට ලිඛිතව දැනුම්දී තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශය පත්කරන අතුරුකමිටු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව පිළිනොගන්නා බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ කටයුතු එහි ව්‍යවස්ථාවෙන් පාලනය වියයුතු බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබේ.
අදාල සංගම්වල නිලවරණ පැවැත්වීමේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක්‍රීඩා පනතට අනුව සිදුවිය යුතු බව ද මැක්ස්වෙල් ද සිල්වා මහතා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මැක්ස්වෙල් ද සිල්වා මහතා එම ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව ඇතුළු පාර්ශව හතකට යොමු කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් මස 11 වැනිදා රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට අතුරු කමිටුවක් පත්කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැක්ස්වෙල් සමග එකඟයි...!
තාජුදීන් ඝාතනය වගේ තවත් අභිරහස් ඝාතනයක් නොවේවා...!