
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා නීත්‍යානුකූල ලෙස පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලය පමණක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බවත් වෙනත් ආකාරයට පත්කළ කමිටු පිළිනොගන්නා බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අන්තර්ජාතික රග්බි සංගමයට ලිඛිතව දැනුම්දී තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශය පත්කරන අතුරුකමිටු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව පිළිනොගන්නා බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ කටයුතු එහි ව්‍යවස්ථාවෙන් පාලනය වියයුතු බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබේ.
අදාල සංගම්වල නිලවරණ පැවැත්වීමේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක්‍රීඩා පනතට අනුව සිදුවිය යුතු බව ද මැක්ස්වෙල් ද සිල්වා මහතා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මැක්ස්වෙල් ද සිල්වා මහතා එම ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව ඇතුළු පාර්ශව හතකට යොමු කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් මස 11 වැනිදා රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට අතුරු කමිටුවක් පත්කළේය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා ඇමතිගේ රග්බි අතුරු කමිටුව පිළිගන්නේ නෑ
Kelum Monday, 08 May 2023 12:32 PM
මැක්ස්වෙල් සමග එකඟයි...!
Hafeel Monday, 08 May 2023 02:02 PM
තාජුදීන් ඝාතනය වගේ තවත් අභිරහස් ඝාතනයක් නොවේවා...!