(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් සංචිතයක් අද (24) පස්වරුවේ ප්‍රකාශයට පත්කළේය.
ඇෆ්ගනිස්තානයට එරෙහිව හෙට (25) පල්ළෙකැලේදී ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදී සංචිතය ක්‍රිකට් ආයතනය එසේ ප්‍රසිද්ධ කළේය.
මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියට මීට දින කීපයකට පෙර යොමු කළ ද අනුමැතිය නොදීම හේතුවෙන් මෙසේ ප්‍රසිද්ධ කළ බවත් එසේ නොවුණ හොත් විදේශ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා රටට පැමිණ සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැති යැයි හරවා යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් දැන් දුවන්නේ දිව්‍යාංගනා කැමැත්තට .එතකොට ඇමතිලා වැඩක් නෑ
අමාත්‍යවරයාගේ අනුමැතිය........................................... ....... කුමක් සඳහා ද? ...................... ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කර තිබේද?
ක්‍රිකට් මණ්ඩලය තිලංගගේ රූකඩයක්, ඇමති අර්ජුනගේ රූකඩයක්. කාලකන්නි දෙන්නගේ මරාගැනිල්ල නිසා ලංකාවේ ක්‍රිකට් වලට තමයි කෙලවෙන්නේ
එතකොට ආගම් නිකා සෙට් එක ඇමතිට උඩින්ද ඉන්නෙ.?
ඇයි මොකටද ඇමති අනුමැතියක්.?
ක්‍රීඩා ඇමැති රොෂාන්ද? නැත්නම් අර්ජුනද? මේ වගේ අවස්ථාවාදීන් සමග රටකට තියා ප්‍රාදේශීය සභාවකටවත් දියුණුවක් නොමැත...! අර්ජුන ලංකාවේ ක්‍රිකට් නැත්තට නැතිකරලා තමයි යන්නේ..! ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නමුත් දැක්මත්, උගත්කමක් නැහැ!