(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන 'ශ්‍රී ලංකාභිමාන්‍ය' සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.
'ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය' මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ.
කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කරපු සේවෙ මොකක්ද කියල කියන්ඩකො ?
උපහාර පිදිය යුතු කෙනෙක්. මෙක තමා දයිවයේ සරදම මිරිස් කුඩු ගහපු උන්ටම මෙක අනුමත කරන්න වීම.
මොකක්ද දන්නෑ මෙයා ජාතියට කරපු සේවය?
කරුගෙ කට වහන්න වගේ ලැහැස්තිය - සුත්තර පුන්චගෙ සූත්තර තෙරුම් ගන්න ලෙහෙසි නැහැ.