
(අංජුල මහික වීරරත්න)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය, බෝපත්තලාවේ හා මැණික්පාලම ගොවිපොළවල කැරට්, ගෝවා සහ රාබු වගා මේ වනවිට ඉතාමත් සරුවට වැවී ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල ඉඩම්වල එළවළු වගා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා දී තිබු උපදෙස් අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නුවරඑළිය බෝපත්තලාව හා මැණික්පාලම ගොවිපොළවල අක්කර 25ක කැරට් හා ගෝවා වගා කර තිබේ.
ඒ අනුව මේ ගොවිපොළ දෙකෙන් ලැබුණ ඉහළ අස්වැන්න නෙලමින් සිටින බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං මහත්තයෝ ඔය අස්වැන්න ඇතිද ලංකාවටම බෙදලා අඩු ගානේ කිලෝව 400ට වත්බස්සන්න. නිකං සුරංගනා කතා කියවන්න එපා...