IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක්

(අංජුල මහික වීරරත්න)

තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බව කී කාරියවසම් මහතා දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත්  ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ  ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද පැවසීය.

කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප  කරන ආකාරයක් කියන්නේ නැතැයි කී කාරියවසම් මහතා සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.



අදහස් (11)

කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක්

Prabha Wednesday, 17 January 2024 03:03 PM

ඔයාට ඉතින් කැරට් අලේ තරම් වටින වෙන දෙයක් නෑනේ...!

:       9       104

yaka Wednesday, 17 January 2024 03:12 PM

හොඳටම දැක්ම තිබුනේ ඔබලාට තමයි. ඒකනේ රටම හැඳිගෑවිලා ගියේ...

:       5       90

චන්දන Wednesday, 17 January 2024 03:23 PM

දැනටමත් තරුණයින්ට අනාගතයක් නැහැ...

:       5       75

Chamila Fernando Wednesday, 17 January 2024 03:32 PM

හා, ඔයා කියන විදියකට කරන්නම් අපි. පත්තරවලට ඔයාලාගේ ඔය වැදගත් කමක් නැති ගොන් ප්‍රවෘත්ති නොදා ඉන්නවා නම් අපි ගොඩක් සතුටුයි...

:       4       74

ජේ ආර් නානා Wednesday, 17 January 2024 03:33 PM

එපාජය කරන්නේත් කැරට් අල බෙදන එකම තමයි...

:       6       62

truth Wednesday, 17 January 2024 04:00 PM

රනිල්ට වගේම ඔයාටත් කැරට් අල නැති බව අපි දන්නවා...

:       5       41

කැරට් අලය Wednesday, 17 January 2024 04:03 PM

ඔයාගේ නායක පිනා දීපු බ්‍රේස්ලට් එකට යටවෙලා හුස්ම ගන්න බැරුවයි ඉන්නේ. ඒක හන්දා තවත් කැරට් අල ඕනෑ වෙන්නේ නෑ !!!

:       6       57

nanda Wednesday, 17 January 2024 04:07 PM

අනේ යන්න ගොන්කතා නොකියා..!

:       4       45

Kazi Shajahan Wednesday, 17 January 2024 04:10 PM

මේ මිනිස්සු කිසිම ජන පදනමක් නැතිව විකාර කියනවා. තව ටික දවසක් ඔයවගේ බයිලා කියාගෙන ඉඳියි. පස්සේ හොයාගන්නවත් බැරිවෙයි, රනිල්ට ලැබෙන ඡන්ද ගැන දැක්කාම...

:       6       56

Nimal Wednesday, 17 January 2024 06:01 PM

තරුණ ජීවිත දැන්නම් කොහොමටත් හබක්..!

:       0       0

Dasa P Wednesday, 17 January 2024 06:07 PM

ඔයාගේ නායකයා තරම් කැරට් ගොවියෙක් ලොවෙත් නැහැ. කැරට් පටවන්නේ වොක්ස්වැගන්වල...!

:       3       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site