IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ක්‍රිකට්වලට අතුරු කමිටුවක්

ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කර තිබේ.

සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරණ අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (24)

ක්‍රිකට්වලට අතුරු කමිටුවක්

මැක්ස් Monday, 06 November 2023 08:26 AM

ටීම් එකත් විසුරැවා හැරලා ජවිපෙ සාමාජිකයන් ගෙන් ඒ අඩුව පුරවපු දාට තමයි අපි හිිටු කියල දිනන්නෙ.

:       30       15

Thirdman Monday, 06 November 2023 09:31 AM

වැඩේනම් හොඳයි... ඒත් ධර්මදාසලාගෙන් තොර ශ්‍රී ලංකා ක්‍රිකට් එකක් නැද්ද?

:       1       54

senaMonday, 06 November 2023 11:11 AM

කතාව ඇත්ත ඔය දර්මදාස ඊළඟට ලොකු ඇණයක් වෙනවා...

:       2       42

Shantha - Qatar Monday, 06 November 2023 10:21 AM

ලොකු දෙයක්, අනේ ඇමැතිතුමෝ කොහොම හරි කමක් නැහැ හොඳ දෙයක් කරන්න. පීඩිත අපිට මදකට හරි සැනසීමක් තියෙන්නේ මැච් එකක් දිනනවා බලලා සතුටු වෙන එක විතරයි.

:       2       25

රංබොඩ Monday, 06 November 2023 10:28 AM

අර්ජුන මහතා පත්වීම ගැන නම් සතුටුයි...!

:       4       35

wedage Monday, 06 November 2023 10:38 AM

ඉතින් ඔය උපාලි ධර්මදාස ඉන්නේ ඔක්කෝටම හරියන්න.

:       2       29

kotiya Monday, 06 November 2023 10:51 AM

ඒකනේ.... ධර්මදාසලයි රණතුංගලායි ඇරුණාම අනිත් අය ක්‍රිකට් ගහන්න දන් නැද්ද දන්නෑ...?

:       3       23

අවන්ති Monday, 06 November 2023 11:17 AM

තවත් හොරු සෙට් එකක්...!

:       12       14

මැක්ස්Monday, 06 November 2023 11:46 AM

ඒක තමයි. ක්‍රිකට් බෝඩ් එක ජේවීපියට දෙමුද? ඒ කාලේ බත් මුට්ටි හොරකම් කළාට ඒවා දැන් මතකත් නැහැනේ...

:       23       10

fairoosMonday, 06 November 2023 01:41 PM

පට්ට හොරු නෙවෙයිනේ... අවුලක් නැහැ.

:       6       2

Bamunuarachchi Monday, 06 November 2023 04:03 PM

මොකද නැත්තේ? එකෙක් ඉන්නවා මස් කඩ කාරයෙක්...

:       2       5

fairoosMonday, 06 November 2023 04:32 PM

එහෙනම් ආපහු ගෝඨාභය ගේමු.. අනේ මෙහෙමත් හරක්...

:       1       2

Bamunuarachchi Monday, 06 November 2023 07:57 PM

. ඇයි බොල හරකෝ එක ආසනයක් වත් නැතිඋන එකා ජනාධිපති උනා නම් ලක්ෂ 69 ගත්ත කෙනාට නැවත ජනාධිපති වෙන්න බැරිද? අපි ඝෝඨාභය නැවත ගෙනෙන්නේ හරක් මස්කඩ කාරයෝ මස් කරන්න.

:       1       1

මැක්ස් Monday, 06 November 2023 11:44 AM

ජයන්ත ධර්මදාසයි, උපාලි ධර්මදාසයි කියන්නේ දෙන්නෙක් කියලා නොදන්නා අයත් ඉන්නවා එහෙනම්...!

:       3       14

Patriot Monday, 06 November 2023 11:47 AM

මේ වැඩෙන් වෙන්නේ අපේ රටේ ක්‍රිකට් අන්තර්ජාතිකව තහනමකට ලක් වීමයි. ICC එක කිහිප වතාවක්ම අනතුරු ඇඟවීම් දුන්නා දේශපාලනික අතපෙවීම් නිසා... Sri Lanka Cricket කියන්නේ ස්වාධීන ආයතනයක්... ඒක විසුරුවන්න ඇමැතිට බලයක් නෑ... ඒ ආයතනයේ වංචා, දූෂණ සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් CID එකට පැමිණිල්ලක් කරන්න පුළුවන්...

:       25       4

අබිලින් Monday, 06 November 2023 02:07 PM

අන්තර්ජාතිකව තහනම් වුණත් මොකද මෙහෙම කුජීතම වෙනවාට වඩා ඒක හොඳයි ඇමැතිට බලයක් නැත්නම් ඔය කමිටුවේ අයට අධිකරණයට යන්න පුළුවන් කියලා හිතන්නේ නැද්ද? ඇයි එහෙනම් ඒ කට්ටිය අධිකරණයට නොයන්නේ කියලා පිළිතුරක් patriot ලබාදේවි කියලා හිතෙනවා...!

:       0       16

Nihal Dharmatileke Monday, 06 November 2023 12:02 PM

අතුරු මිතුරු කමිටු... ඊට පස්සේ වෙනදේ කවුරුවත් දන්නේ නැහැ... උදාහරණයක් ලෙස පාස්කු ප්‍රහාරයේ කෝ වාර්තාවන්?

:       10       5

akila Monday, 06 November 2023 12:45 PM

ක්‍රිකට් ගහන්න දන්නේ නැති මහාධිකරණ විනිසුරුවරු මොකටද? ක්‍රිකට් ගහපු සංගා මහේල මුරලි වගේ අය දාන්න එපැයි ක්‍රිකට් ගොඩදාන්න ඕනෑ නම්

:       11       9

මැක්ස්Monday, 06 November 2023 02:38 PM

රට වෙනුවෙන් කෙසේ වෙතත් තමන්ගේ මඩිය තර කර ගන්න ක්‍රිකට් ගහපු, ඊලග පරපුරක් නොහඩපු සංගක්කාර අමතක කළත්, ඩොලර් 20,000 ක මාස් පඩියකට මහේල දැනුත් එතන වැඩ කියල දන්නේ නැතෙයි?

:       1       11

ඩර්මසේන Monday, 06 November 2023 02:18 PM

මේ ධර්මදාස මොකට ගත්තාද?

:       1       6

විජිත් Monday, 06 November 2023 03:44 PM

මාර ස්වාධින, අතුරු කමිටුවක්නේ. මේ කමිටුවේ ඉන්න අයගෙන් 75%ක්ම ආණ්ඩුවලට කඩේ ගිය, අතටම අහුවුණු අල්ලස් ඉල්ලපු ඇමැතියාව නිදොස්කොට නිදහස්කළ අය, ක්‍රිකට්වල මුල් බැසපු අය... තව එකක් ධර්මදාසලා නැතිව ක්‍රිකට් ගහන්න බැරිද?

:       3       4

Shashika519 Monday, 06 November 2023 05:14 PM

විජේදාසගේ පුතත් ඉන්නවා කියන්නේ බඩුම තමයි. හරක් කටා, ඇවන්ගාර්ඩ් ඔක්කෝම පස්සේ හිටියා ඇමති පුතා...

:       0       4

චන්දිම ෆොන්සේකා Monday, 06 November 2023 07:34 PM

හැබැයි අර්ජුන තුමෝ තමන්ගේ සහෝදරයා වුණත්අර ප්‍රසන්න රණතුන්ගවනම් ගාවගන්න එපා මොන දේකටවත්. මිනිහා අත දාන්න ගත්තොත් තවත් කුඥ්ඥ ගොඩක් තමයි වෙන්නේ...

:       0       0

විපරමා Monday, 06 November 2023 07:37 PM

අසෝක කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රිකට් ගහපු ළමයින්ට පිත්‍තෙන් ගහලා, ඔලු කණ් අඩි පලපු අය නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 425 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 528 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 157 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 891 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2434 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 376 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2004 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site