(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආසියා ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සිරාජ් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයන්ට ලබා දීම සඳහා පරිත්‍යාග කළ ඩොලර් 55,000 ක මුදල තවමත් එම සේවකයන් වෙත ලබා දී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
ආසියා ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ඩොලර් 50,000ක මුදලක් සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඩොලර් 5000 ක මුදලක් පරිත්‍යාග කොට තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.
පල්ලෙකැලේ සහ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගන සේවකයන්ට බෙදා දීම සඳහා ඔවුන් මෙම මුදල් පරිත්‍යාග කළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අදාල මුදල කොහාට ගියාද කියා නොදන්නා බව කී විපක්ෂ නායකවරයා ඊට මැදිහත් වන ලෙස ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණතිල්ල තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කර දී ලංකාවේ ක්‍රීඩකයෝ ටික ගහෙන් ගෙඩි එන්නාක් සේ නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට දුන්නු අල්ලසක්ද මේ?
හෙල්පින්ග් හම්බන්තොට ගිණුමට බැර වුණාද කවුද දන්නේ...?