(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුව හමුවට කැඳවූ දිනයේදී පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එහි නිලධාරීහු කෝප් කමිටුවෙන් සමාව ඉල්ලුහ.
කෝප් කමිටු විමර්ශනයක් සඳහා ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ එයට නොපැමිණීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව කර තිබූ දැනුම් දීමකට අනුව අද (18) එහි පැමිණි නිලධාරීහු මෙලෙස සමාව ඉල්ලා සිටියහ.
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික‍්‍රමරත්න, භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල හා ප‍්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා යන මහත්වරු අද කෝප් කමිටුව හමුවට පැමිණ සිටියහ.
ක්‍රිකට් ආයතනය කැඳවූ දිනයේදී සභාපතිවරයා නොපැමිණි බැවින් විමර්ශනයට සහභාගී වූ නිලධාරීන් කමිටුවේ ප‍්‍රශ්න හමුවේ එකිනෙකාගේ මුහුණ බලා ගැනීම හැර වෙනත් දෙයක් නොකළ බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී පැවසීය.
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා එහිදී පැවසුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමට සහභාගීවීම හේතුවෙන් කෝප් කමිටුව හමුවට එදින පැමිණීමට නොහැකි වූ බවයි.
එම දිනවල පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තරඟ පැවති බැවින් තමාට සහභාගීවීමට නොහැකි වූ බව ප‍්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා පැවසීය.
භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල මහතා වෛද්‍ය සහතිකයක් කමිටුවට ඉදිරිපත් කළේය.
කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම අවස්ථාවේ පැවසුවේ විමර්ශනයට සහභාගී වන ලෙසට ක්‍රිකට් ආයතනයට සිව් වතාවක් දින ලබාදුන් බවයි.
විමර්ශනයට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ක්‍රිකට් නිලධාරීන් දැක්වූ කරුණු වගකීම් විරහිත බවත්, ඔවුන් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය දුර්වල බවත් කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පසුගිය වසර හතර තුළ සහභාගී වූ අය කවුද එමගින් ලැබුණු ප‍්‍රතිලාභ මොනවාද යන්න ගැන වාර්තාවක් කමිටුවට ලබාදෙන ලෙස එම නිලධාරීන්ට කෝප් කමිටුව මෙහිදී දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ කාර්යභාරය විශිෂ්ඨයි, හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ විතරයි.
ඇත්තටම ඔබම කිව්වා වගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවත් ඔබ කරන්නාවූ සේවය පාර්ලිමේන්තුවේ කතාකිරීම වැනි දේවල් බලපුවාම ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි. එ්කට ඡන්දෙන් පත්වෙච්ච ගොනුන් ටික දිහා බලනකොට අපි ගැනම අපිට දුකක් ඇතිවෙනවා මොන කරුමයක්ද කියලා?
කෝප් කමිටුවක් තියෙනව කියල දැනුනෙත් හඳුන්නෙත්ති නිසා තමයි. ඔබේ වැඩ පිළිවෙල විශේෂයෙන්ම 20 වැනි සංශෝධනයේදී දැක්වූ දෙබිඩි රට වට්ටවන වැඩේ නිසා මං නම් ඉන්නේ ජ. ත. වී. පෙ ගැන කලකිරීමෙන්. කොහොම වුනත් බලතල කෝප් කමිටුවටදිය යුතුමයි.
නායක කතා මොනවා වුණත් කෝප් එක ඕපන් කළ අපට...