IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා  විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.

කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ මහතා විසින් ශම්මි සිල්වා  හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහත්වරුන්ට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන්  ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ  දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීතිවිරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර විත්තිකරුවන්ට  ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය 



අදහස් (4)

ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්

අරවින්ද මොනරවිල Wednesday, 15 May 2024 01:34 PM

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට වැළඳුණු පිළිකාව තිලංග, ෂම්මි හවුල, ඔය කාගෙත් සෙල්ලම් තව ටික කාලයයි කියලා මතක තියාගෙන ඉන්න මහත්වරුනේ...!

:       8       73

අංගොඩWednesday, 15 May 2024 05:03 PM

තව ටික කාලෙකින් මොනරා අංගොඩ නවත්වන්නත් ඉඩ තියෙනවා.

:       2       19

ජානක Wednesday, 15 May 2024 03:08 PM

ලන්කාවේ ක්‍රිකට් හදන්න නම් ශම්මි ඇතුලු හොර නඩය පන්නා දමන්න වෙනවා. ක්ලබ් වලට ක්‍රිකට් ඡන්ද ක්‍රමයක් දාලා මොවුන් හොර පාරෙන් ක්‍රිකට් බෝඩ් එකට පනිනවා. ඊට පස්සේ ක්‍රිකට් බෝඩ් එක ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් විදිහට තමයි පාලනය කරන්නේ.

:       2       55

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 15 May 2024 04:04 PM

අඩෝ දර්ශන හඳුන්ගොඩ . ඔන්න මචං උඹට කීයක් හරි හොයාගන්න වෙලාව ඇවිල්ලා. ප්‍රගතිශීලී වෙස්මුහුණ ගලවා වෙර යොදා ශම්මියගේ කැත කුණු හෝදපන්. මොකද උඹත් ජීවත්වෙන්න ඕනෙනෙ. අපි උඹට කන්න බොන්න දෙන්නෙ නැහැනෙ යාලුවා. අර උඹ නිතරම කියන විදියට අපි කුහක නැහැ.කන බොන මිනිස්සුන්ට උඹ වගේම අපිත් විරුද්ධ නැහැ.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 7 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 725 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17980 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

Our Group Site