IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කර ගැසට්ටුවක්

(නිමල කොඩිතුවක්කු)

විස්සයි - 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කීවේය.



අදහස් (10)

ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කර ගැසට්ටුවක්

Bandula Monday, 10 June 2024 04:49 PM

රට ක්‍රිකට් වලින් මේචිචර කුජීත කරලා තිබීයදිත්, මුන්ගේ සේවාව තව කුමට ද මයේ අම්මා.

:       0       3

පිටරටවැසියා Monday, 10 June 2024 04:57 PM

දැන් ඉන්න කට්ටිය හොරු කියලා පක්ෂ - විපක්ෂ ඔක්කොම එකතුවෙලා නේද දියවන්නාවේ යෝජනාවකුත් සම්මත කළේ ? එහෙව් රටක නේද මේ හදිසියෙන් සහ හොරෙන් ගැසට් ගහල තියෙන්නේ?

:       0       3

පිටරටවැසියා Monday, 10 June 2024 05:03 PM

දැන් ඉන්න කට්ටිය හොරු කියලා පක්ෂ - විපක්ෂ ඔක්කොම එකතුවෙලා නේද දියවන්නාවේ යෝජනාවකුත් සම්මත කළේ ? එහෙව් රටක නේද මේ හදිසියෙන් සහ හොරෙන් ගැසට් ගහල තියෙන්නේ?

:       0       2

Ashoka Monday, 10 June 2024 05:10 PM

ක්‍රිකට් බෝඩ් එකේ හොරු ටිකයි , මහා බැංකු හොරු ටිකයි , සුනාමි හොරු ටිකයි ඔක්කම එකිනෙකාගෙන් යැපෙන කට්ටිය , කට්ටියව එක පාර එලවන්න නම් හැමදාම හොරුන්ගේ පැත්ත ගන්න පිනාව ගෙදර යවන්න ඕනේ

:       0       2

Prabha Monday, 10 June 2024 05:55 PM

මුන් දවල් හීන දකිනවා

:       0       1

Krishan Monday, 10 June 2024 06:13 PM

ඉතාමත් හොද යහපත් තිරණයක් අරන් එහෙම ගැසට් නිවේදනයක් පල කිරිම නම් මෙවර කණ්ඩායම තේරුවේ තේරිම් කමිටුව නොව කණ්ඩායමේ නායකයා දැන් පරාජයන් වැලක් ලබාගත්තා ජයග්‍රහණ රැසක් ලබාගත් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරලා ගත් තිරණය ගැන නැවත හිතන්න කාලය ඇවිත් කුසල් මෙන්ඩිස්ට මැදපෙලට යන්න බැරි නම් ඔහුව කණ්ඩායමෙන් ඉවත්කල යුතුයි

:       0       2

B Amarasinghe Monday, 10 June 2024 08:00 PM

හංස ගීතය හැම පැත්තෙන්ම ගයනවා වගේ

:       0       1

සමන් විමල් Monday, 10 June 2024 08:31 PM

කොල්ලකන්න බැංකුවකුත් නැති එකේ මැතිවරණ වියදම් සොයාගන්නේ නැත්ද?

:       0       3

Kazi Shajahan Tuesday, 11 June 2024 04:47 PM

හරීන් නිකම් ක්‍රිකට් ලොක්කෝ ශේප් එකෙන් තියාගෙන ,එන මැතිවරණයට සල්ලි හොයනවා වගේ

:       0       0

kotiya Wednesday, 12 June 2024 04:50 AM

මට තේරෙන් නෑ ඇ‍යි ආණ්ඩුව නිළධාරින්ගේ කාලය දික් කරලා ගැසට් ගහන්නේ කියලා. කලින් ක්‍රිකට් පාලක මණ්ඩලේට කෝපා කමිටුවට එන්න කියලා කිව්වාම ක්‍රිකට් පාලක මණ්ඩලේ කිව්වේ ඔවුන් ආණ්ඩුවට අයිති නෑය ඔවුන් පුද්ගලික ආයතනයක්ය කියලා. පුද්ගලික ආයතනවල නිළධාරින්ගේ සේවය දික් කරන්න ආණ්ඩුව ගැසට් ගහන්න වුවමනා නෑනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site