(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ක්‍රීඩාවේ දියුණුව සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
මෙම සංසදය පිහිටුවීමට ඉල්ලීම කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනැයිද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව කඳුකරය සුරැකීම සහ මානව හිමිකම් සුරැකීමට අදාල සංසද දෙකක් පිහිටුවීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවසරය ලැබී ඇති බව කතානායකවරයා කීවේය.
මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම කමිටුව පිහිටුවීමට යෝජනා කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ක්‍රිකට්වල සිදුවන්නේ හොරකම් පමණි. අලුත් සංසදයත් එක්ක උලාකෑමත් සිදුවෙනවා නොඅනුමානයි.
දේශපාලුවෝ ගාවගෙන කමිටු පිහිටුවා ගනී. අන්තිමට සිද්ද වෙන දේ ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ...!