IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’ක්‍රිකට්’’ දෙපැත්තට ඇදිල්ල නවත්තන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ක්‍රීඩා ඇමැති පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව හොයන්නට  ජනාධිපති කැබිනට් අනු කමිටුවක් පත්කර ඇතැයි කී සජිත් ප්‍රේමදාස මහතා දැන් එය කමිටු සූදුවක් බවට පත්ව ඇතැයි සඳහන් කළේය.

ක්‍රීඩා ඇමති අතුරු කමිටුවක් පත් කළ විට යළිත් කැබිනට් අනු කමිටුවක් පත් කරන්නේ කුමට දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ දෙපැත්තට ඇදිල්ල  නවත්වන ලෙස විශේෂයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය මෙන්ම ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවට කරන්න යන දේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

’’ක්‍රිකට්’’ දෙපැත්තට ඇදිල්ල නවත්තන්න

නිලන්ති Tuesday, 07 November 2023 02:19 PM

ජනාධිපති පත්කරපු කමිටුව ගැන හොයන්න අගමැති තව කමිටුවක් පත් කරයි... ඕං අන්තිමට කමිටු විතරයි... බංගලියෝත් නෙලනවා මදි නොකියන්න ටීම් එකට...!

:       0       0

chandana Tuesday, 07 November 2023 04:16 PM

ක්‍රීඩා ඇමතිවරයා තම විෂයය නිසා මැදිහත් වෙනවා. අනෙක් සියළු දෙනා ක්‍රිකට් විශේෂඥයන් නිසා මැදිහත් වෙනවා. පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව ක්‍රිකට් කනවා. ක්‍රීඩකයෝ පිස්සු නටනවා. අන්තිමට කිසිවක් නිවැරදි නොවී හැමදාම එකම වැරදි සිද්ධ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site