(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රීඩා ඇමැති පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව හොයන්නට ජනාධිපති කැබිනට් අනු කමිටුවක් පත්කර ඇතැයි කී සජිත් ප්‍රේමදාස මහතා දැන් එය කමිටු සූදුවක් බවට පත්ව ඇතැයි සඳහන් කළේය.
ක්‍රීඩා ඇමති අතුරු කමිටුවක් පත් කළ විට යළිත් කැබිනට් අනු කමිටුවක් පත් කරන්නේ කුමට දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ දෙපැත්තට ඇදිල්ල නවත්වන ලෙස විශේෂයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය මෙන්ම ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවට කරන්න යන දේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති පත්කරපු කමිටුව ගැන හොයන්න අගමැති තව කමිටුවක් පත් කරයි... ඕං අන්තිමට කමිටු විතරයි... බංගලියෝත් නෙලනවා මදි නොකියන්න ටීම් එකට...!
ක්‍රීඩා ඇමතිවරයා තම විෂයය නිසා මැදිහත් වෙනවා. අනෙක් සියළු දෙනා ක්‍රිකට් විශේෂඥයන් නිසා මැදිහත් වෙනවා. පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව ක්‍රිකට් කනවා. ක්‍රීඩකයෝ පිස්සු නටනවා. අන්තිමට කිසිවක් නිවැරදි නොවී හැමදාම එකම වැරදි සිද්ධ වෙනවා.