(යොහාන් භාසුර)
කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කළේය.
එම දඩුවමට අමතරව ඔහුට ඩොලර් 5000 ක දඩයක් නියම කර තිබේ.
අත්හිටුවූ තහනමක් හේතුවෙන් භානුකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති අතර ඔහු මේ වන විටත් ‘ජෛව ආරක්‍ෂිත බුබුලක’ කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීල අහිංසක ජීවිත බිලිගත්තාට කම් නැත. බීලා කාන්තාවන්ට පාට් දමා ගුටි කෑවට කමක් නැත. අපි සමාව දෙමු. ඒත් අපේ නිරුවත හෙලි කරන්න එපා. අපි දැඩි දඬුවම් දෙනවා. වඩාත් කාලකන්නි ලාංකික දේශපාලනයද? ශ්‍රී ලංකා ක්‍රිකට්ද? භානුක... ඔබේ නිර්භීතකමට අපි ගරුකරමු.
නුඹලා ක්‍රීඩකයන් නම් ක්‍රීඩා කරපල්ලා, තරග පැරදුණාට කිසි ගැටලුවක් නැහැ. ඕන වැඩක්, ඕන රිය අනතුරක් කරගනිල්ලා, බීලා ගුටි ඇනගනිල්ලා... හැබැයි අපේ වැරදි කිව්වොත් නුඹලාව එළියට දානවා. තේරුණා නේද? මෙම අදහස් ක්‍රිකට් පාලන අධිකාරියේ සටකපට නරින්ට මෙන්ම සිටිනා හිවලුන්ට එලෙසම කියවීමට හැකි වේවා..!!!
දක්ෂ ක්‍රීඩකයෙක්... අවස්ථාවක් දෙන්නේ නැහැ වගේ.... පසු තැවෙන්න එපා... ඉදිරියට යමු...
රටේ දේශපාලන ඇත්තන් නිතරම වෙහෙසෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මහා ඉහළින් තිබෙන බව පෙන්වීමට බව පෙනේ. ඒත් මේ රටේ පවතින සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්තේමය. එය ඇත්නම් ඇත්තේ, නාමිකව පමණක් යැයි සිතේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් ඕනෑම දෙයක් නිර්භයව විවේචනය කළ හැකියි. මේ දඬුවම්කර ඇත්තේ, ක්‍රිකට් ආයතනය විවේචනය කිරීම නිසා නම් එම ආයතනය කොට ඇත්තේ නීතිවිරෝධී දෙයකි. නීතියට අනුව දඬුවම් නියම කිරීමට හැකිවනුයේ, ආයතනය හෙලාදැකීම කළහොත් පමණි. ගිවිසුමේ කුමක් අැතිදැයි අපි නොදනිමු. ඒ කෙසේ වෙතත්, විවේචනය කළාට නම්, දඬුවම් දීමට නොහැකිය. ක්‍රිකට් ආයතනය විවේචනය හා හෙළාදැකීම යන වචන දෙක පටලවා ගෙන අත්තේදැයි අපි නොදනිමු.