(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ‘බෝන් අගේන්’ආගමෙන් ක්‍රිකට් කණ්ඩායමට ඇති බලපෑම පිළිබඳව පරීක්‍ෂණ කළ පංච පුද්ගල කමිටු වාර්තාව නීති උපදෙස් සඳහා නීතිපතිවරයාට අද (16) යොමු කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.  

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකළ බව කී එම නිලධාරියා නීතිපතිවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.