
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (14) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිය සුබපැතුම් ද පිරිනැමීය.
මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
වසර ගණනාවකට පසු රග්බි ක්‍රීඩාව තුළ අත්කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බව පැවසු ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත ද සිය සුබපැතුම් පිරිනැමීය.
සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
ජගත් ලියනගේ Tuesday, 14 May 2024 05:13 AM
ඒ කියන්නේ ඒකත් ඉවරයි .
fairoos Tuesday, 14 May 2024 02:07 PM
සුභ පැතුම්