(යොහාන් භාසුර)
ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (15) පස්වරුවේ තීරණය කළේය.
අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස ප්‍රකාශයන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවත් ඒ අනුව රණතුංග මහතාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එහි සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලා සිටීමට තීරණය කළ බව කී එම නිලධාරියා ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් රණතුංග මහතා මෙම ප්‍රකාශය කළ ඇති බවද සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ක්‍රිකට්වලින් ලංකාව සැරසුවේ අර්ජුන රණතුංග කියලා නොදන්නා බවක් පේනවා
ඉක්මණටම 20-20 මැච් එකක් තියන්න අර්ජුන අයියේ...! විධායක කමිටුවේ අයට කියන්න සුපුරුදු විදියටම ඔට්ටු අල්ලලා දිනන කෝටි 200 සල්ලි ඒ විධායක කමිටුවේ අයටම ගන්න කියලා..!
මුල අමතක වෙලා.
කීර්ති නාමය කියන එකේ තේරුම ඉස්සරවෙලාම දැන ගන්න..
දූෂණය වංචාව හොරකම හොඳයි . එව්වා කිව්වම කීර්තියද මොකද්ද නැතිවෙනවලු. අනේ මන්දා මෙයාලා..
මේ ආයතනයට සහ එහි සාමාජිකයින්ට කීර්ති නාමයක් තියෙනවාද? කීර්ති නාමය ගෙනාවා නම් ක්‍රීඩකයෝම තමයි ගෙනාවේ..!
අර්ජුන රණතුංග මහත්තයට කියන්න එයාගේ ගෙදර ඉන්න හොරු අල්ලලා රටේ හොරු අල්ලන්න එන්න කියලා. ඒක නේද වඩාත් සාර්ථක සහ සාධාරණ.
කීර්ති නාමය මොකක්ද කියලා හරියට දැනගෙන වැඩ කරන කට්ටිය ද ඔතන ඉන්නේ? කෙරුවාවල් කෙසේ වෙතත් රැකගන්ඩ තරම් කීර්ති නාමයක් තියෙනවද?
කෝප් එකෙන් එහෙම එලි උනෙ ශ්‍රී නාමයෙ රඟේ.
කීර්තිමත්, දුෂණ වංචා නොමැති පිරිසිදු, ආදර්ශමත් ආයතනයකට එහෙම කියන එක හරි නෑ නේ.
මේ රටේ නඩු වැටෙන්නේ හිරේ යන්නේ ඇත්ත කතා කරාම.
ලංකාවේ ඇත්ත කතා කලොත් නඩු වැටිලා වන්ශොට් වගේ හිරේ යන්න වෙනවා, මහා පරිමාණ හොරකම් කලොත් කිසිම ප්‍රශ්නයක් නැහැ මහා පරිමාණ බුකීකාරයන්ගේ අතකොලු ක්‍රිකට් ක්‍රීඩාවෙන් පන්නා දමන්න ඕනේ
They all are in the same boat. Arjuna is not a Saint as well. He wanted to get into Cricket board with his brother Nishantha as the secretary but failed. All these people present committee and Ranatunga family should stay away from cricket board. Look what's Prasanna doing. Does Arjuna say a word against his corrupted brother?