තරිඳු ජයවර්ධන
ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පරීක්ෂණ ආරම්භ කළේය.
2015 වසරේ සිට සිදුවූ වංචා සහ දූෂණ ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද මෙම ගනුදෙනුවට අදාළව සාක්කිකරුවන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කිරි ගවයන් ගෙන්වද්දි සිදුවී ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘‘කිරි හරක් ආනයන හරක් වැඩේ‘‘ මැයෙන් ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් පසුගිය පෙබරවාරි මාසයේ අනාවරණය කළේය.
මෙම අවිධිමත් ආනයනය නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇතැයි දැනගන්නට තිබේ. පළමු අධියරේ කිරි ගවයන් ගෙන්වීමට පමණක් ගිය වියදම රුපියල් කෝටි 103කට අධිකය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසම් නම් කීයක් ආවද මේ රටේ. කෝ එකකින්වත් වැරදිකාරයොන්ට දඩුවමක් දුන්නද?
දැන් ඔය කිරි හරක් ආනයනය කරද්දී සිදු කර ගත් පාඩුවට, මේ පරීක්ෂණ කරන්න පත්කරලා තියෙන කොමිෂන් සභාවට යන වියදමත් එකතු කලාම, සිදුකර ඇති සමස්ත පාඩුවම එකවර ගණන් බලා ගැනීමට පහසුයි.
මේ පරීක්ෂණය සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුළද?
අනිත් කොමිසම වල තීන්දු වලට දඬුවම් දෙන වැඩේ පුස් කෑවට මේ කොමිසමේ ඒවටනම් දඬුවම් දෙයි සුටුස් ගාල.
ලොකුම දූෂණය උනේ 2015 දී කිරි තියා ගොමවත් ගන්න බැරි රැලකට ඔයවගේම 62 ක් රට බාර දීමය.
කොමිෂන් වාර්තා, පුවත්පත් හරියට කියවලා දඬුවම් දීම ජනතාවට පවරලයි තිබෙන්නේ. කොමිෂන් වලින් කරන්නේ මූ හොරා, හොරුන් ඇතිකළේ මෙයා කියල ලේබල් ඇලවීම පමණයි. එහෙම ලේබල් අල්වාගත්ත රෙජිස්ටඩ් හොරු දැනටමත් කීදෙනෙක් ඉන්නවාද? එනිසා 2020 දී මෙහොරුන්ට පයින් ගහලා එලියට දාමු.
2015 සිට දුෂණ හොයන්නේ යුඑන්පී එකට මඩ ගහන්න උනාට ජනාධිපතිතුමානේ එම කලෙත් කැබිනට් එකේ නායකයා. ඉතින් ඔබතුමාටත් ගැලවෙන්න පුලුවන්ද? දුෂණ චෝදනා වලින්. අනික 2015 ට කලින් කිරි හරක් ගෙන්නුවනේද? එවකට හිටපු දේසපාලකයෙක් විදේශවලින් ගෙනාපු කිරි හරක් ගෙදර ගෙනිච්ච. වැඩි කලක් එම සතුන් ජීවත් උනේ නැහැ. දේශගුණය නොගැලපෙන නිසා ඔවුන් මිය ගියා. ඒවත් සොයා බැලුවොත් නරකද?
මේක කාගේ උවමනාවට කරපු දෙයක්ද කියලා රටම දන්නවා. ජවිපෙ ගොවි සංගමයේ නාමල් කරුණාරත්න සහෝදරයා කොච්චර කල්ද මේ දේවල් එලි කරලා? දැන් තමයි බොරුවට කොමිෂන් දාන්නේ. මේ විදිහට රටේ මහජන මුදල් කොල්ලකාපු අයට මේ ආණ්ඩු තියෙනකල් දඩුවම් කරන්නේ නැහැ.
හරක් පාර්ලිමේන්තු යවපු එක ගැනත් විමර්ශනයක් කරන්න වෙනවා. බැරිද කොමිසක් පත් කරන්න?
බමුණු මේ සැරෙත් ගැහුවා ගොමපාරක්... කවුද ඉස්සෙල්ලම කිරි හරකුන්ව, හරකුන්ව ගෙන්නුවේ?
නැතුව ඔබට ගොමවලින් ගහන්නේ නැතුව ගල් වලින් ගහන්නද?