
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන දෙගුණ කිරීම ඉලක්ක කරගත් ඩොලර් මිලියන 27 ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) අත්සන් තැබිණ.
ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මරියානෝ බෙයිලාර්ඩ් මහත්වරුන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහභාගී වූ අතර ඇය සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තැබුවාය.එම සටහනේ මෙසේ සඳහන් වේ.
"ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීමටත් ආර්ථික ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමත් ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනවා.ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය කිරීමට ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 27 ඇමෙරිකානු දායකත්වය 80,000 කට අධික ශ්‍රී ලාංකික කිරි ගොවීන් ගේ නිපුණතා සහ සම්පත් වර්ධනය කරගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමට ප්‍රයෝජනවත් වේවි"


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙනුත් වැඩිකොටසක් පොහොට්ටුවන්, කොල්ලො ටිකයි නිලධාරින් ටිකයි සාක්කුවට දාගනියි..!
කොරෝනා වසංගතය නිසා බිඳවැටුණු කිරි ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ තොරතුරු සොයා බලා ඒවා ගැන සංගණනයක් කොට ඒවා මුහුණ පා ඇති අර්බුද සඳහා විසඳුම් මාලාවක් සකස් කරන්නේ නම් මැනවි. අලුත් කිරි කර්මාන්ත ශාලා නිර්මාණය කරනවාට වඩා ප්‍රායෝගික වේ..
වසංගතය නිසා අර්බුදයට පත් වූ කිරි ආශ්‍රිත කර්මාන්ත කරුවන්ගේ සංගණනයක් සිදුකොට වා මූණ පා ඇති අර්බුද සඳහා විසඳුම් මාලාවක් සකස් කිරීම... අලුතෙන් කිරි කර්මාන්ත ශාලා ඇති කරනවාට වඩා ප්‍රායෝගික වෙයි..