IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කායවර්ධනයෙන් ආසියාවම දිනා

(ටී.කේ.ජී.කපිල)

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය මාළදිවයින, මාළේ නගරය මුල් කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්‍රීඩකයන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස් සෙන්ටි මීටර් 180 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ සහන් දිල්රුක් සහ උස සෙන්ටි මීටර් 182 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ බුද්ධික ප්‍රසන්න රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව උස සෙන්ටි මීටර් 175 කාණ්ඩය යටතේ තරග කළ විශ්ව තාරුක එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි. 

ඔවුන් අතරින් රන් පදක්කමක් දිනූ බුද්ධික ප්‍රසන්න සහ ලෝකඩ පදක්කමක් දිනූ විශ්ව තාරුක පමණක් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර රන් පදක්කමක් දිනා ගත් සහන් දිල්රුක් ඩුබායි හි සිය රැකියා ස්ථානය කරා ගොස් තිබුණි .



අදහස් (4)

කායවර්ධනයෙන් ආසියාවම දිනා

පාඨකයෙක් Tuesday, 11 June 2024 09:37 AM

ක්‍රීඩකයන් දෙදෙනාට සුභ පතන අතරම ශීර්ෂපාඨයේ දැක්වෙන අන්දමට ‘ආසියාවම’ නොව, ‘දකුණු ආසියාවම’ යනුවෙන් නිවැරදි විය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

:       0       10

R.T.sarath Tuesday, 11 June 2024 06:41 PM

ශම්මි ක්‍රිකට් පුද්ගලික සමගම පරාද වුනාට , අපේ කොල්ලෝ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබල එනව දකිනකොට හරි සතුටක් දැනෙනවා , මේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් දෙන්න ඕනේ , මේ කොල්ලෝ ලංකාවට එන්න කලින් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කල නම් දහස් ගණනක් ගුවන්තොටුපලට එනවා පිළිගන්න

:       0       0

de silva Tuesday, 11 June 2024 06:46 PM

අපේ ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයෙනුත් කාලා අපි දුක්වේවි ඉන්න වෙලාවක , අපේ හිත හදන්න මෙවැනි වෙලාවක ජාත්‍යන්තර ජයග්‍රහණයක් අරන් රටට පය ගහපු ඔබලා දෙදෙනාට පින් සිද්ධ වෙනවා , ඉදිරියට යෝධ බලය ශක්තිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා ,

:       0       0

kotiya Wednesday, 12 June 2024 05:30 AM

ආසියාවටම තියෙන්නේ රටවල් අටයි කියලා දැණ ගත්තේ අද කියාන්කෝ. දැණ් ඉතින් මේක කිව්වා කියලා මම අනිත් නිව්ස් වලට දාලා තියෙන ඉතුරු කොමෙන්ට්ස් පබ්ලිශ් කරන්නෙත් නෑ කියාන්කෝ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site