IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිඹුල් නඩු චෝදනාවට රාජිත නිවැරැදිකරු කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා  නියම කළේය.

තමන්ට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණණය හමුවේ පැවසු අවස්ථාවේදී නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියෙන් පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මීට පෙර අවස්ථාවක ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කෙරිණී

මාධ්‍ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්‍රසිද්ධ කරවීම, ගේඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

 



අදහස් (1)

කිඹුල් නඩු චෝදනාවට රාජිත නිවැරැදිකරු කියයි

fairoos Tuesday, 13 September 2022 02:47 PM

ඔව ඇත්ත උනට දැන් වැඩක් නැහැ..රනිල් එක්ක ඩීල් එකට ගියානම් නිකම්ම නිදහස් වේයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site