IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඹුරු සිතියම්ගත කරන්න ගොවීන්ගෙන් සල්ලි ගරලා

(අංජුල මහික වීරරත්න)

රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

 රටේ කුඹුරු ඉඩම් කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න සහ කුඹුරු ඉඩම්වල සත්‍ය ප්‍රමාණය මැනීම සඳහා GEO Goviya යෙදවුම ඔස්ස කුඹුරු සිතියම්ගත කිරීම කරනු ලබයි.

මෙම කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන අතර, අදාල කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කිසිඳු මුදලක් අය කරන්නේ නැතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ගොවීන්ගෙන් මුදල් අයකරන බවට වාර්තා වී ඇති අතර පොල්පිතිගම රඹේ ප්‍රදේශයේ ගොවීන්ගෙන්  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවට ලැබුණ පැමිණිලි අනුව වහාම විමර්ශනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‍ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

කුඹුරු සිතියම්ගත කිරීම සඳහා  යම් පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහොත් වහාම දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස්වරයාට දැනුම්දෙන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දෙයි.



අදහස් (0)

කුඹුරු සිතියම්ගත කරන්න ගොවීන්ගෙන් සල්ලි ගරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site