IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඹුරු ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් කරයි

(අංජුල මහික වීරරත්න)

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක්  නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා  බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත්  නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය. 

ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවා පෙන්වා දුන් බව කී අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස ජනපති  තමන්ට උපදෙස් දුන් බව ද අවධාරණය කළේය.



අදහස් (8)

කුඹුරු ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් කරයි

Lalla Friday, 15 March 2024 10:28 AM

වගාකරන්න බෑ. ඇලවල්වලට අසූචි කාණු හරවලා. ඇළමාර්ග අවහිර කරලා. වතුර බහින්න තැනක් නෑ... ඉතින් නිකම්ම තියාගෙන උඩබලාගෙන ඉන්න කියනවාද? මේක ගිරුවාපත්තුව නොවේ. බස්නාහිර පළාත..

:       0       0

Anura Friday, 15 March 2024 12:25 PM

හොඳයි...

:       0       0

malcom Friday, 15 March 2024 01:14 PM

මුල්ලේරියාව, අඹතලේ මහපරිමාණයෙන් අක්කර ගාණක කුඹුරු ගොඩකරනවා... ආවොත් බලාගන්න පුළුවන්.

:       0       0

Chandima Friday, 15 March 2024 02:47 PM

දැන් ඇමැතිතුමා කියන්නේ එව්වා වගාකරලා වී කිලෝ එක රුපියල් 80 ගානේ නිපුණට දෙන්න කියලාද?

:       0       0

ABARAN Friday, 15 March 2024 05:09 PM

මේකත් අර ආගමයි, ජාතියයි විකුණගෙන කමින් දේශපාලනය කරනවා වගේ වැඩක්නේ. අද කාලේ කුඹුරු කරනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. ඉතින් පාඩු බව දැන දැන මිනිස්සු කුඹුරු කරන්නේ නැහැ. ඒ බිම්වල වෙනත් සුදුසු වගාවක් කලොත්ද වටින්නේ... නැති නම් නෑ.. ඔබලා වී ගොවිතැනම තමයි කරන්න ඕනෑ කියලා බලහත්කාරයෙන්ම ඒ බිම්වල වී වගාකරවීමද වටින්නේ?

:       0       0

නන්දන වීරසිංහ Friday, 15 March 2024 08:13 PM

පන්නිපිටිය බෝගහවත්ත පාරේ කෙළවරේ ඇති පැරැණිතම වෙල්යාය ගොඩකිරීමට සිනමා අධ්‍යක්ෂ කෙනකු සූදානම් බවක් කියැවෙනවා. ඒ වගෙ අයට නීතිය යටගහනවාද...?

:       0       0

ශාන්ත කේ. හේරත් Friday, 15 March 2024 11:46 PM

මෙවැනි ජාතික මට්ටමේ ප්‍රවෘත්ති වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙන්න. ඒ සමගම ගවේශනාත්මක මාධ්‍යයවේදීන් හරහා පරිසරය, තෙත් බිම්, කුඹුරු ගොඩකිරීම් රටට හෙලිදරව් කරන්නේ නම් මැනවි. ස්තුතියි...!

:       0       0

fairoos Saturday, 16 March 2024 02:28 PM

නිකන් කයිවාරු විතරයි... වැඩ නැහැ. මාර කෙනාට කියලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site