(අංජුල මහික වීරරත්න)
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවා පෙන්වා දුන් බව කී අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස ජනපති තමන්ට උපදෙස් දුන් බව ද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාකරන්න බෑ. ඇලවල්වලට අසූචි කාණු හරවලා. ඇළමාර්ග අවහිර කරලා. වතුර බහින්න තැනක් නෑ... ඉතින් නිකම්ම තියාගෙන උඩබලාගෙන ඉන්න කියනවාද? මේක ගිරුවාපත්තුව නොවේ. බස්නාහිර පළාත..
හොඳයි...
මුල්ලේරියාව, අඹතලේ මහපරිමාණයෙන් අක්කර ගාණක කුඹුරු ගොඩකරනවා... ආවොත් බලාගන්න පුළුවන්.
දැන් ඇමැතිතුමා කියන්නේ එව්වා වගාකරලා වී කිලෝ එක රුපියල් 80 ගානේ නිපුණට දෙන්න කියලාද?
මේකත් අර ආගමයි, ජාතියයි විකුණගෙන කමින් දේශපාලනය කරනවා වගේ වැඩක්නේ. අද කාලේ කුඹුරු කරනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. ඉතින් පාඩු බව දැන දැන මිනිස්සු කුඹුරු කරන්නේ නැහැ. ඒ බිම්වල වෙනත් සුදුසු වගාවක් කලොත්ද වටින්නේ... නැති නම් නෑ.. ඔබලා වී ගොවිතැනම තමයි කරන්න ඕනෑ කියලා බලහත්කාරයෙන්ම ඒ බිම්වල වී වගාකරවීමද වටින්නේ?
පන්නිපිටිය බෝගහවත්ත පාරේ කෙළවරේ ඇති පැරැණිතම වෙල්යාය ගොඩකිරීමට සිනමා අධ්‍යක්ෂ කෙනකු සූදානම් බවක් කියැවෙනවා. ඒ වගෙ අයට නීතිය යටගහනවාද...?
මෙවැනි ජාතික මට්ටමේ ප්‍රවෘත්ති වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙන්න. ඒ සමගම ගවේශනාත්මක මාධ්‍යයවේදීන් හරහා පරිසරය, තෙත් බිම්, කුඹුරු ගොඩකිරීම් රටට හෙලිදරව් කරන්නේ නම් මැනවි. ස්තුතියි...!
නිකන් කයිවාරු විතරයි... වැඩ නැහැ. මාර කෙනාට කියලා තියෙන්නේ...