(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුඹුක්ගැටේ නගරය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 15 දෙනකු පමණ හමුවීමත් සමග නගරයේ කඩ සාප්පු ස්වකැමැත්තෙන්ම වසා දැමීමට එහි ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.
කුඹුක්ගැටේ වෙළද සංගමයේ ලේකම් එස්.එම්. රාජරත්න මහතා කියා සිටියේ රෝගය පැතිරීම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන ඇති පියවර වලට සහයෝගය පලකිරීමක් ලෙස ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් ජනතාව අපහසුතාවයට පත්වීම වැලැක්වීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිළදී හැනීමට වෙළදසැල් කීපයක් පමණක් විවෘත කර ඇති බවද වෙළද සංගමයේ ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරවැසි වගකීම මෙන්ම සමාජ වගකීම කුමක්ද යන්න මුළු රටටම කියාදීමට උත්සාහ දරන ඔබලාට යහපතක්ම වේවා...!!
රාජරත්න මහතා ඇතුළු බුද්ධිමත් කුඹුක්ගැටේ ජනතාව රටට ආදර්ශයක්...