(අංජුල මහික වීරරත්න)
සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.
අමාත්‍යංශ යනු ආණ්ඩුව නැමැති යාන්ත්‍රණයේ කොටස් බව කී ජනාධිපතිවරයා රටේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සියලු දෙනාම බැඳී සිටින බව සඳහන් කළේය.
එම ක්‍රියාවලියේදී ජනාධිපති කාර්යාලය, කැබිනට් මණ්ඩලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍රස්ථාන ලෙස බැඳී වැඩ කටයුතු කළ බව කී ජනාධිපතිවරයා වැඩකටයුතු පැය 8 කට හෝ සතියේ දින පහකට සීමා වන්නේ නැතැයි ද 2023 අවසානය වන විට රට සාමාන්‍ය තත්වයට ගැනීමට කැප වී වැඩ කටයුතු යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනයකට යොදවන්න තිබුණු සල්ලි හොරකම් කරලා රට හූරගෙන කාපු උදවියම රට ගොඩදැමීමේ රංගනය කරනකොට තමයි අපිට හිනායන්නේ...! බැංකු මංකොල්ලයේදී අපිට එකතු වෙන්න අඬගැහුවේ නැහැනේ... !
ඔබතුමයි, අනිත් දේශපාලකයිනුයි කඹේ අත හැරියොත් රටම ගොඩ...
කබා අඳින්න... නෑ අපි හොයනවා හයිය කබායක්... හොරු ඔක්කොම එකට ගැටගහලා ඒ එක කූඩුවක දාලා කාලකණ්ණි පාදඩ හොරුන්ගෙන් රට බේරගන්න..