(ටී.කේ.ජී.කපිල )

රුපියල් හතලිස් අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද  අලුයම අත්අඩංගුවට ගත් බව  ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.  

මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන කම්කරු වෘත්තීයේ නියැලෙන පුද්ගලයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත  දුම්වැටි 32,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 160 ක් සගවා ගෙන තිබුණි .