(සුජිත් හේවාජුලිගේ)

කන්ටේනර් 323 ක්   කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද  නැවතත් රැස්වෙයි.

සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ  හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුව රැස්වී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිතය.

සමාජ ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන්ද  ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව  කමිටුව පවසයි.

කොඩි තුවක්කු මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම් කළ සමාජ ක්‍රියාකාරිකයෙකි. කමිටුවේ  පළමු රැස්වීමේ සිට  මාස දෙකක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට භාර වීමට නියමිතය

ඉකුත් 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකා රේගුව විසින් නිසි පරිදි පරීක්ෂාවට ලක් නොකර (Red Channel දැඩි පරීක්ෂාවට ලක්විය යුතු කාණ්ඩයේ) බහාලුම් (Containers) 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙම විශේෂ කාරක සභාව පත්කෙරිණ.