(සුජිත් හේවාජුලිගේ )
ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු කීවේය.
මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වෙයි. මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද වැසී ගොස් ඇතැයි මහාචාර්යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාලය තුළ සුළු වරදවල් සඳහා සිරගතවුවන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාවත් අතරත් මෙම කර්මාන්ත කඩා වැටීමත් අතරත් හොඳ සම්බන්ධයක් ඇති...!
අපේ රටේ නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලා සියල්ල වසා දමා, පිටරටින් ඒ දේවල් ආනයනය කිරීම තමයි අපේ රට බංකලොත් භාවයට පළමුවැනි හේතුව. මෙයට මෙතෙක් රට පාලනය කළ සියලුම දෙනා වගකිව යුතුයි.
බයවෙන්න එපා.. මොකද වෙනත් රටවල කර්මාන්ත සාර්ථකව කරනවා අපිට විනෝද වෙන්න IMF ණය ලැබෙනවා. උදාහරණයක් හැටියට කිව්වාම ලංකාවේ කම්කරුවෙක් දිනකට අමුදලු කිලෝ 18 නෙළා එයට ඩොලර් 1.18 ක් ගන්නවා. ඉන්දියාව වගේ රටවල් දිනකට අමුදලු කිලෝ 40-60ක් නෙලා ඩොලර් 1 කට ආසන්න ගණනක් ගන්නවා. ඉතින් කොහොමද ලංකාවේ කර්මාන්ත නොවැටී තියෙන්නේ? අනෙක් කර්මාන්ත වුණත් එහෙම තමයි. මේකට ඉතින් සමිති, සමාගම් අටවාගෙන කම්කරුවන් මත යැපෙන වෘත්තීය සමිති කාරයින් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි...
බයවෙන්න එපා, රනිල්ව තව දෙතුන් පාරක් ජනාධිපති කරලා IMF එකෙන් තව 20 සැරයක් විතර ණය ගත්තා නම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න විසඳෙයි...