IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොමිස් වැඩි නොකළොත් ‌ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක

(මහින්ද නිස්සංක)

ලොතරැයි පතක මිල රුපියල් 40ක් කිරීමට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිත‍ෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.

ලොතරැයි පතක මිල රුපියල් 40 කිරීමත් සමගින් අලෙවි නියෝජිතයන්ට දැනට ලබාදෙන කොමිස් මුදල රුපියල් 8 දක්වා ද අලෙවි සහයකයන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීම සහ ලොතරැයි මිලදී ගන්නා ජනතාව සඳහා තෑගි ප්‍රමාණය වැඩි කිරීමත් අනෙකුත් ඉල්ලීම් අතර වේ.

ලොතරැයි අලවියෙන් ඉවත්වීම සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් ලබන 6 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.



අදහස් (6)

කොමිස් වැඩි නොකළොත් ‌ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක

de silva Monday, 19 June 2023 04:48 PM

අපි ඕවා නොගෙන හිටියාම ප්‍රශ්නය නිකන්ම විසඳෙනවා...

:       1       11

යෝගා Monday, 19 June 2023 05:01 PM

අනේ හොඳයි දිගටම වර්ජනය කරන්න. ලොතරැයි ගන්නේ වැඩි හරියක් දුප්පතුන්. ඔවුන්ගේ අතේ කීයක් හරි ඉතුරු වෙයි

:       0       0

Hafeel Monday, 19 June 2023 05:22 PM

අයියෝ එක ලොකු දෙයක්ද? නිමල් සිරිපාලගෙන් ඇහුවොත් කියාවි කොහොමද කොමිස් වැඩි කරගන්න පුළුවන් කියල.

:       0       0

Jagath Wickramasekara Monday, 19 June 2023 08:19 PM

එය මිලදී ගන්න එපා

:       0       0

de silva Monday, 19 June 2023 08:50 PM

මුස්ලිම් ආගමෙත් බුදු දහමේත් කියලා තිබෙනවා සූදු වල යෙදෙන්න එපා කියලා.ඕකත් සූදුවක්

:       0       0

Saththaya Tuesday, 20 June 2023 06:34 AM

වර්ජන කෙසේ වෙතත් ඇදෙන්නේ නැති ලොතරියක් රුපියල් 40 ක් දීල ජනතාව මිලදී ගනිය්ද. කාගේද මේ උපදෙස් ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site